spot_img
Saturday, March 7, 2026
spot_img

පොලිසියට චණ්ඩිපාට් දැමු වෙන්නප්පු මන්ත්‍රිවරිය යළිත් රිමාන්ඩ් !

Must read

dulakshi new(11.55 am ) පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයේදි පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය යලි රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
ඔවුන් ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරතිබුණි .
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රීවරියගේ සහෝදරිය පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්‍රදේශයේදී පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබිම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට පත්විය.

.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article