spot_img
Saturday, March 7, 2026
spot_img

පොලීසියට පාට් දැමූ මන්ත්‍රිනියගේ පියා කසිප්පු සමග අත්අඩංගුවට

Must read

15(10.21pm)වෙන්නප්පුව පොලිසිය විසින්  අද ( 11දා ) උදේ  ලුණුවිල සිරිගම්පල ප්‍රදේශයේ දි යතුරු පැදියකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු නවතා එම යතුරු පැදියෙන් රැගෙන යමින් තිබු පෝර උරයක් පරික්ෂා කළ අවස්ථාවේ දි එහි තිබි නිති විරෝධිව පෙරණ ලද මත්පැන් බෝතල 48 ක් අත්අඩංගුවට ගෙන තිබේ.   සිරිගම්පල පදිංචි සැකකරු 50 වන වියේ පසුවන අයෙකු බවත් ඔහු තම නිවස අසල ලදු කැලයක දී හොර අරක්කු පෙරා පසුව එසේ පෙරණ ලද අරක්කු තොගය යතුරු පැදියෙන් තම නිවස වෙත ගෙන එමින් සිටිය දි මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්පුද්ගලයා  දැනට මාස කීපයකට ඉහතදී වෙන්නප්පුව පොලිසීයේ රථවාහන අංශයේ  නිලධාරින් පිරිසකට චණ්ඩිපාට් දැමු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ඒජාප මන්ත්‍රිනියගේ පියා වන බවද වාර්තා වේ.
මෙම සැකකරු මෙයට කලින් මාරාවිල අධිකරණය හමුවෙහි පොරොන්දුවක් දෙමින් මින් ඉදිරියට තමා නිති විරෝධි මත්පැන් ජාවාරමෙන් ඉවත්වන බවට පොරොන්දුවක් ද ලබා දි තිබි තිබිය දි මෙසේ අද ( 11දා ) මත්පැන් තොගයක් සමග අත් අඩංගුවට පත්වීම විශේෂ සිද්ධියකි.  වෙන්නප්පුව පොලියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු උප පොලිස් පරීක්ෂකවරුන් වන රුචිර හා සුදසිංහ හා පොලිස් කොස්තාපල් බණ්ඩාර දිසානායක 67021 යන මහත්වරුන් මෙම වැටලිම කර තිබුණි. සැකකරුව අධිකරණ හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article