spot_img
Saturday, March 7, 2026
spot_img

බස් ගාස්තු ප්‍රශ්නයක් නිසා මගීන් දෙදෙනා ටිකට් මැෂින් එක උදුරාගෙන

Must read

bus tiket

(09.53am)බස් කොන්දොස්තරවරයෙකුට පහර දී ඔහු සතුව තිබූ ටිකට් මැෂින් එක පැහැර ගත් බව කියන පිය – පුතු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැත්තේ විජය කටුපත පදිංචි පිය පුතු දෙදෙනෙකුව සහ හලාවත – බුරුතකැලේ පදිංචි අයෙකුවය.

පසුගිය 23 වැනිදා මෙම පහර දීම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ බටහිර මන්නාරම පදිංචිකරුවෙකු වන වික්ටර් ජෝන් (අවු:35) නම් අයෙකි.ඔහු කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක කොන්දොස්තර වරයෙකු ලෙස සේවය කරමින් සිට ඇත. බස් රථයේ අය කිරීමේ ගාස්තුවේ ගැටළුවක් පහර දීමට හේතුව වී ඇති බව පොලීසිය කියයි.සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article