spot_img
Friday, March 6, 2026
spot_img

මහව -වංචනික විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලයි

Must read

ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් මහව, දළදාගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලා ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් අඹු – සැමි යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති අඹු – සැමි යුවල මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වරද පිළිගෙන ඇත. සැකකාර අඹු – සැමි යුවලට විදෙස් ගමන් තහනමක් පනවා ඇති මහව මහේස්ත්‍රාත්වරයා ඔවුන් දෙදෙනාව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කර ඇත.

ජපානයේ රැකියාවක් ලබා දෙන බව පවසමින් රුපියල් 7,50,000 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අදාල ආයතනයට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී ඇත. එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණයේදි එම ආයතනය විසින් සිදුකර ඇති වංචාවන් පිළිබදව තොරතුරු අනාවරණය වී ඇත.

එම ස්ථානයේ තිබී ජපානයේ රැකියා ලබා දෙන බවට වන ගිවිසුම් පත්‍ර, මුදල් ගෙවීම සම්බන්ධයෙන් වන කුවිතාන්සි, ප්‍රචාරක පත්‍රිකා, ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිඝනකයක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.ව්‍යාජ ලෙස සකස් කරණ ලද මෙරට ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල වලින් නිකුත් කරණ සහතික, ප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතන වලින් ලබා දෙන සේවා සහතික වල ආකෘතීන්ද තම බාරයට ගත් පරිඝනකයේ තිබී සොයා ගත් බව වැටලීම කළ නිලධාරීන් සොයා ගෙන ඇත.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article