අකුණු සැර වැදීම හේතුවෙන් මැල්සිරිපුර, හදවැල්පොළ ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (24 දා ) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූහ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ අබේවික‍්‍රම පතිරැන්නැහැලාගේ ජේපින් නෝනා නැමැති 70 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ ලේලිය බව කියන දේවගිරි මුදියන්සේලාගේ හද්‍රා පද්මිණී නැමැති 42 හැවිරිදි කාන්තාවකි.
ඊයේ පස්වරු 3.30 ට හදවැල්පොළ ප‍්‍රදේශයට සුඵ වර්ෂාවක් සමග තදින් අකුණු ගැසූ බවත් ඒ අවස්ථාවේදී නිවස තුළ රැදී සිටි මෙම කාන්තාවන් දෙදෙනාට අකුණු සැර වැදුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. අකුණු සැර වැදුණු කාන්තාවන් දෙදෙනා කඩිනමින් ගොකරැල්ල දිසා රෝහල වෙත ගෙනැවිත් ඇති නමුත් ඔවුන් ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට තිබේ.
මියගොස් සිටින හද්‍රා පද්මිණී නැමැති කාන්තාවගේ තුන් හැවිරිදි දරුවෙකුද මෙම නිවසේ වාසය කරන අතර අකුණු වැදීමට සුඵ මොහොතකට පෙර ඔහු සෙල්ලම් කිරීම සදහා යාබද නිවසක් වෙත ගොස් සිටීම හේතුවෙන් එම සිගිත්තාගේ දිවි බේරී තිබේ.
ඊයේ රාත‍්‍රියේ අකුණු සැර වැදුණු නිවස වෙත ගිය ඉහළ විසිදකේ බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඞී. එම්. එස්. කේ. දහනක මහතා විසින් මියගිය කාන්තාවන් පිළිබද හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ අතර අදාළ මරණ අකුණු සැර වැදීමෙන් සිදු වූ හදිසි මරණයන් බවට එහිදී තීන්දු කරනු ලැබීය. සිද්ධිය පිළිබදව ගොකරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
දිවි බේරාගත් දරුවා
දේවගිරි මුදියන්සේලාගේ හද්‍රා පද්මිණී

අබේවික‍්‍රම පතිරැන්නැහැලාගේ ජේපින් නෝනා

මිය ගිය කාන්තාවන්ගේ සිරුර ගොකරැල්ල දිසා රෝහල වෙත ගෙනැවිත් තිබූ අයුරු

අකුණු වැදීමෙන් නිවසේ බිත්තිවලට හානි සිදු වී ඇති අයුරු
හදිසි මරණ පරීක්ෂක ඞී. එම්. එස්. කේ. දහනක මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ අයුරු












