spot_img
Saturday, March 7, 2026
spot_img

රංග බන්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවතට ?

Must read

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇත. පාලිත රංගෙ බණ්ඩාර එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පාලිත රංගෙ බණ්ඩාර මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.
සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාර ගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.

” ලියුමක් ලැබුණොත් මං ඔයාට කියන්නම්”යැයි ද රංගේ බණ්ඩාර පැවැසීය.

උපුටා ගැනීම – theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article