spot_img
Saturday, March 7, 2026
spot_img

රෝගාතුරවූ ඉන්දුනීසියානුවන් දෙදෙනා රැගෙන ලයන් එයාර් නැවතත් කටුනායකට ගොඩබසියි ?

Must read

l(1.01pm) අද පෙරවරු 9 ට පමණ ලයන් එයාර් ගුවන් යානයක් මඟීන් 285 දෙනෙකු සමඟ කටුනායක ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

සවුදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා බලා පියාසර කරමින් තිබූ ඒ 330 වර්ගයේ ගුවන් යානය මෙලෙස කටුනායකට ගොඩබස්වා ඇති බව වාර්තා වේ. එම  යානයේ මඟීන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් මෙසේ මෙම යානය නැවත කටුනායකට ගොඩබස්සවා තිබේ. පසුව ශ්‍රී‍්‍ර ලාංකික වෛද්‍යවරුන් ඔවුන් පරීක්ෂා කළ ද දෙදෙනාම මියගොස් සිටි බව ගුවන් තොටුපොළ තොරරු වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔවුන් ඉන්දුනීසියානු ජාතිකයන් බව වාර්තා වේ.

Edit

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article