Sunday, June 8, 2025

වෙන්නප්පුව ඩිපෝවේ දුරකථනය මාස 5ක් තිස්සේ විසන්ධියි – වසර විස්සකින් බන්ඩිරිප්පුවට බස් රථයක් නෑ ?

Must read

වෙන්නප්පුව නගරයේ පිහිටා ඇති ලංගම ඩිපෝවේ මේ වනවිට දුරකථනය අංකය ක්‍රියා විරහිතව පවතී. එය දැනට මාස 5කට ආසන්න කාලයක සිට ක්‍රියා විරහිතවී ඇති බව නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්යාලයෙන් විමසූ විට තහවුරු විය. මේ වන විට වෙන්නප්පුව නගරයේ බස්රථ ධාවනය වීම් සම්බන්ධයෙන් ඇති ගැටලු දැනුම්දිමට හෝ දෝෂ ගැන වාර්තා කිරීමට වෙන්නප්පුවේ ඩිපෝවේ කළමනාකරුව සම්බන්ධකරගැනීමට ජනතාවට හැකියාවක් නොමැත. දැනට වසර 20 ක් තිස්සේ බන්ඩිරිප්පුව ප්‍රදේශයට ලංගම බස් රථයක් ධාවනය නොවේ. වෙන්නපපුව නගරයේ සිට බන්ඩිරිප්පුවට හෝ බොරලැස්සට යාමටත් ,බන්ඩිරිප්පුවේ සිට වෙන්නප්පුව නගරයට පැමිනිමටත් තිබෙන්නේ ඒක් බස් රථයකි. ඒයද පුද්ගලික බස් රථයක් වන අතර සවස 5.30 එහි අවසාන ගමන් වාරයයි. සමහර දිනවල ඒම බස් රථය වෙලාවට නොපැමිනෙන දවස් ද තිබේ. ඒවිට මගීන්ට ලුනුවිල දක්වා යන කිරිමැටියාන බස් රථයක ගමන් කර බන්ඩිරිප්පුව දක්වා පයින් ගමන් කිරීමට සිදුවේ. නැතිනම් වෙන්නප්පුවේ සිටම පයින් ගමන් කිරිමට සිදුවේ. මෙවැනි දවස් මාසයකට කීපයක්ම පැමිණෙයි. බන්ඩිරිප්පුව හා බොරලැස්සේ සිට වෙන්නප්පුව නගරයට සේවයට පැමිණෙන කාන්තාවන්ට අනන්තවත් පයින් ගමන් කරන්නට සිදුවේ. පුරුෂ පක්ෂය නම් කාගේ හෝ යතුරු පැදියක හෝ ඒල්ලී ගමන් කරයි. නමුත් කාන්තාවන්ට ඒසේ යාමටද නොහැක.
වෙන්නප්පුව නගරයේ ඩිපෝවක් ක්‍රියාත්මක වීමේ උවමනාව මේ වනවිට සිදුවෙනවාද යන්න ගැන මේ වන විට ප්‍රශ්නයක් පවතී. සවස 6න් පසු හෝ 7 න් පසු මීගමුවේ සිට පැමිණීමටද ලංගම බස්රථයක් නොමැත. මේ ආකාරයට වෙන්ප්පුවේ ජනතාවට සේවයක් නිසියාකාරව සිදුනොවන ඩිපෝවක් වෙන්නප්පුවට කුමටද ? මෙහි නඩත්තුව සිදුකරගැනීමට නොහැකි තරම්ම වෙන්නප්පුව ඩිපෝවේ පාලනය පිරිහී ඇති බව බැලූ බැල්මටම පෙනී යයි. දුවන බස් වෙනුවට වැඩිපුර තිබෙන්නේ කැඩුන බස් රථය.කැඩුන බස් රථ ගාල් කිරමට නගරයේ මෙතරම් වටිනා ඉඩමක් වෙන්කළ යුතුද යන ප්‍රශ්නයද පැන නගියි.

කෙසේ වුවත් ලංකා ගමනා ගමන මණ්ඩලය වීසින් විසදිිය යුතු මෙම ප්‍රශ්නය ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article