spot_img
Friday, March 6, 2026
spot_img

වෙළෙඳ අමාත්‍යවරයා ත්‍රිපෝෂ නිරීක්ෂණ චාරිකාවක

Must read

 31 October 2025

ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (30)  සහභාගී විය.

මෙහිදී කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගම පිළිබඳව හඳුන්වා දෙමින් වර්තමාන තත්වය සහ ඉදිරියේදී අපේක්ෂිත ඉලක්කයන් පිළිබඳව අමාත්‍යවරයා සමඟින් සාකච්ඡාවක නිරත විය. පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, නව රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ අතර, පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කරන ලදි.

ආහාර සුරක්ෂිතතාවය වඩාත් තහවුරු කිරීම සඳහා ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කිරීම වෙනුවෙන් මෙම ත්‍රිපෝෂ සමාගම, වෙළෙඳ අමාත්‍යාංශය වෙත පැවරීම සිදු කරන ලද අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය කාල සීමාව තුළ, මෙම ආයතනය ජනතාව අතරට ගෙන යමින් නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරගෙන යාමට ද කටයුතු කරන ලදි.

අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ඇති බාධාවන් ඉවත් කොට මෙහි නිෂ්පාදනය කරනු ලබන ත්‍රිපෝෂ ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු, සෝයා වැනි අමුද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම තුළින් එම නිෂ්පාදන කටයුතු ඉහළ නංවා කුඩා දරුවන්, ගර්භණී මව් වරුන් හා කිරි දෙන මව් වරුන් වෙනුවෙන් ත්‍රිපෝෂ ලබා දීමට අදාළ කටයුතු විධිමත්ව සිදු කිරීමටත් සුපෝෂ, කුකීස්, කප් කේක්, Calorie Bar සහ අග්ගලා ඇතුළු අනෙකුත් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් අවශ්‍ය මඟ පෙන්වීම වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙහිදී සිදු කරන ලදි.

ආයතනය පවත්වාගෙන යාමේදී පැන නඟින ගැටලු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ සඳහා සාධනීය විසඳුම් ලබා දීමටත්, ආයතනයේ සේවකයින්ගේ ඉල්ලීම් හා සුභසාධනය වෙනුවෙන් කඩිනමින් නිසි මැදිහත්වීම් සිදු කර ක්‍රියාමාර්ග ගැනිමටත් ඉදිරියේදී ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදනයන් සමුපකාර ව්‍යාපාරය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට හැකි ක්‍රමවේදයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article