spot_img
Saturday, March 7, 2026
spot_img

සාරනාත් සිසුවෝ රිමාන්ඩ්. විදුහල්පතිටත් නොතීසි.

Must read

saranatahකුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුට දරුණු ලෙස පහර දී තුවාල කළ බවට සැකපිට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි එම විද්‍යාලයෙහිම ඉගෙනුම ලබන උසස්පෙළ සිසුහු පස්දෙනෙක් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්තාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (01 දා ) පස්වරුවේ නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ 13 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටින සිසුහු පස්දෙනෙකි.

නීතිඥවරුන් සහ පොලිසිය විසින් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ වත්මන් විදුහල්පති ආර්. පී. ඩී. ජයතිලක මහතාටද අද දිනයේදි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මගින් නොතිසී නිකුත් කළේය.

කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ 12 වැනි වසරෙහි ඉගෙනුම ලබන තම දරුවාට සැකකාර සිසුන් ඇතුඵ පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී ඇති බවට පහරකෑමට ලක් වූ සිසුවාගේ දෙමව්පියන් විසින් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට මෙම සිසුහු පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියහ.

මේ සම්බන්ධ නඩුව කුලියාපිටිය මහේස්තාත් අධිකරණය හමුවේ අද යළි කැදවීමට නියමිතය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article