මාදම්පෙ ප්‍රදේශයේ නීති විරෝධීව සිදුකළ නීති විරෝධී සිලිකා වැලි කැණීමට නිසා සිදුවූ පාරිසරික විනාශයන්ට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු කන්ඩායම විසින් ගොනුකළ නඩුව පවත්වාගෙන යාමට ඊයේ (04) ශේෂ්ඨාධිකරණය විසින් අවසර දී තිබේ. එමෙන්ම මාදම්පේ ප්‍රෙද්ශයේ සිලිකා වැලි කැණීම් සිදුකරන ස්ථාන 30 ක කැනීම් නැවැත්වීමේ අතුරු නියෝගය තවදුරටත් බලාත්මක කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම නඩුවේ තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ.
නඩු අංක- SCFR 398/22
මාදම්පේ ප්‍රදේශයේ සිලිකා වැලි කැනීමේ නඩුවට
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
මාදම්පෙ ප්‍රදේශයේ නීති විරෝධීව සිරිකාවැලි කැණීම සඳහා විශේෂයෙන්ම එම කැනීම් හේතුවෙන් නීති විරෝධීව සිදුකරන පාරිසරික විනාශයන්ට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රයත් , හේමන්ත විතානගේ , පුජ්‍ය මැදවච්චියේ සුමේධ හිමි ඇතුළුව ප්‍රදේශවාසීන් තවත් තිදෙනෙක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩුව කරුණු තහවුරු කිරීම සදහා අද(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැදවනු ලැබීය.
මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබුවේ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු දෙපල ඉදිරියේදීය.එ් අවස්ථාවේ දී පෙත්සම්කරුවන් නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ,නීතිඥ සවන්ති පොන්නම්පෙරුම යන අය පෙනී සිටි අතර වගඋත්තරකාර රජයේ ආයතන වෙනුවෙන් හෂිනි ඕපාත ජ්‍යෂ්ඨ රජයේ අධිනීතිඥ පෙනී සිටියාය. එහිදී වගඋත්තරකරුවන් ලෙස නම්කොට තිබුණේ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ,වයඹ පළාත් පරිසර අධිකාරිය ,එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, ජල සම්පත් මණ්ඩලය යි.
අද දින පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට අවසර දීම සිදු විය.
මෙම නඩුවේ අවසන් විවාදය 2026 පෙබරවාරි මස 26 වන දින කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.

පරිසර යුක්ති කේන්ද්‍රය
ස්තුතියි කැපවිමට







