සුන්දර කලපු තීරයක් අනාගත පරපුරට උරුමකර දීමේ වැඩසටහන 2026
මැරවල සා. ජෝශප් ධීවර සමිතිය හා හලාවත ප්‍රාදේශිය සභාවේ පරිසර කමිටුව එක්ව සංවිධානය කෙරුණු මැරවල ජනපදය කලපු ඉවුර සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් අද පෙරවරුවේදී පැවැත්විණි. මෙම ශ්‍රමදානයයට හා හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීන් හා මැරවල ග්‍රාමයට අයිති රාජ්‍ය නිළදාරීන්,මැරවල ග්‍රාම නිළධාරීනිය ඇතුළු මැරවල සියලුම සමිති සමාගම් වල සාමාජික සාමාජිකාවන්ගේ සහාභාගී වූහ.












