spot_img
Saturday, March 7, 2026
spot_img

සෝභිත නා හිමි‍ දේහය අද සවස දිවයිනට.

Must read

sobitha_himiසිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අඵයම අපවත් වූ , සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දේහය අද පස්වරුවේ මෙරටට වැඩම කරවාගෙන එනු ඇති බව ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලකදී සිදුකෙරුණු හදවත් සැත්කමකමකින් අනතුරුව අසාධ්‍ය තත්වයේ පසු වූ සෝභිත හිමියෝ පසුගිය 3 වැනිදා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා වැඩමවාගෙන යනු ලැබූහ.

මාදුළුවාව ගම්මානයේ පතිරගේ දොන් අප්පුහාමි මහතාට සහ කරලිනාහාමි මහත්මියට දාව 1942 මැයි නව වැනි දා මෙලොව එළිය දුටු සෝභිත හිමියන්ගේ ගිහි කළ වූයේ නම පී. ඩී. රත්නසේකරය. වයස අවුරුදු දොළහේදී පැවිදි දිවියට ඇතුළත් වූ සෝභිත හිමියෝ 1962 දී උපසම්පදාව ලැබූහ. අපවත්වන විට උන්වහන්සේ 73 වැනි ‍වියෙහි පසුවිය.

උන්වහන්සේගේ අදාහන පූජෝත්සවය පිළිබදව පසුව දැනුම් දෙනු ලැබේ.

update
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහය අද රාත්‍රී 9.15 ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන UL 309 දරණ ගුවන් යානයෙන් මෙරරට වැඩම කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article