spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැවැන්ත ගසක් කඩා වැටෙයි

Must read

(9.41am) හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී දැවැන්ත ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 02 ක පමණ කාලයක් ඇණ හිටියේය. 09 වැනිදා අළුයම මෙම ගස කඩා වැටීම සිදුවී ඇත. වැසි සමග පැවති සුළගත් සමග ගස කඩා වැටීම සිදුවී ඇති බව වාර්තා වේ. මාදම්පේ පොලීසිය සහ ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා කඩා වැටී තිබුණු ගස ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

මෙම තත්ත්වය නිසා හලාවත – කොළඹ මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද දක්නට ලැබුණි.ගස කඩා වැටී තිබූ ස්ථානය මග හැර එම මාර්ගයේ ගමන් කිරීමට විකල්ප මාර්ග නොමැති කම මෙම වාහන තදබදයට හේතුව විය.

 

 

13(4) 12(2)  06(7) 08(5)

 

 

ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article