spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත ධීවර කාර්යාලය වසා දමයි

Must read

05(6)හලාවත ධීවර කාර්යාලය තාවකාලිකව වසා දමා ඇතැයි හලාවත දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂක අනුර ජයසේකර මහතා සදහන් කරයි.
හලාවත – අඹකදවිල ප්‍රදේශයෙන් හදුනා ගත් කොරෝනා ආසාධිතයා දින කීපයකට පෙර හලාවත ධීවර කාර්යාලයට පැමිණ ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ගෙන ඇත.ඔහු බහු දින යාත්‍රාවකින් මසුන් මැරීම සදහා පිටත් වීමට පෙර ඔහු බලපත්‍රයක් ලබා ගැනීම සදහා පැමිණ ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත.
ඒ අනුව හලාවත ධීවර කාර්යාලය වසා දමන ලෙස සෞඛ්‍ය අංශ විසින් දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
හලාවත ධීවර කාර්යාලයේ සේවය කළ සියළුම නිලධාරීන්ව ස්වයං නීරෝධායනය සදහා යොමු කර ඇති බවත්,සෞඛ්‍ය අංශ විසින් දැණුම් දෙන තුරු හලාවත ධීවර කාර්යාලය වසා තිබෙන බවත් දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂක අනුර ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article