spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත වැවිලි සමාගමේ වැලි කැණිම් වලින් 746.6ක මුදලක වංචාවක්

Must read

හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් කටයුතුවලදී සිදුව ඇති වංචාවකින් රුපියල් මිලියන 746.6ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේ ජා.ජ.බ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා (21) පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම වැලි වංචාවේදී දේශපාලකයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇති අතර මූලික පරීක්ෂණ ඉදිරියේදී සිදුකරන බවත් අමාත්‍යවරයා පවසන ලදී.

මේ සම්බන්ධයෙන් දිණමින පුවත්පත වැඩිදුර තොරතුරු වාර්තා කළ අයුරු

විගණන පරීක්ෂණ ගණනාවක් සිදු වෙනවා. හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් කිරීමට තීරණය කර තිබෙනවා. හලාවත වැවිලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ, දීපු ප්‍රමාණයට වඩා වැලි කැණීමක් සිදුවෙලා තියෙනවා. වැලි කැණීම් මඟින් 2021 දී ආදායම් අපේක්ෂා කර තිබෙනවා. ටෙන්ඩර් කර සමාගම් වෙත ලබාදී තිබෙනවා. 2021 දී මිලියන 47 .2ක ආදායමක් සමාගම ලබා තිබෙනවා. 2022 දී අලෙවි කිරීමෙන් මිලියන 61.2 ක් ලබා තිබෙනවා. 2023 දී වැලි අලෙවියෙන් මිලියන 24.4 ක් ලබා තිබෙනවා. ඒ අනුව වැලි අලෙවියෙන් සමාගම රුපියල් මිලියන මිලියන 132 . 8 ක්. නමුත් විගණන වාර්තාව අනුව මෙතන විශාල වංචාවක් සිදුව තිබෙන බව වාර්තා කර තිබෙනවා. ඒ අනුව මුක්කුතුඩුවාව කියන ප්‍රදේශයේ. වැලි කැණීම් නිසා රජයට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 746.6 ක්.

පොල් අලෙවියෙන් හලාවත වැවිලි සමාගම උපයා තිබෙන ආදායම හා වැලි අලෙවියෙන් අපට අහිමි වී ඇති ආදායම සමානයි. හලාවත වැවිලි සමාගම සතු පලෙයි කියන ප්‍රදේශය තුළත් දීපු ප්‍රමාණයක් වැලි කැණීම් සිදුව තිබෙනවා.

ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article