spot_img
Saturday, March 7, 2026
spot_img

අභිරහස් යතුරු පැදියක් කැප්පිටිගලදී මහ පාරේ පිච්චෙයි.

Must read

කැප්පිටිගල, කොටකෙතන හන්දිය ආසන්නයේදී අභිරහස් ලෙස ගිනි තබා විනාශ කරන ලද යතුරු පැදියක් ප්‍රදේශවාසීන් විසින් මීට ටික වේලාවකට පෙර සොයාගෙන තිබේ.

කැප්පිටිගල සිටි අංකුඹුර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති කොටකෙතන හන්දිය ආසන්නයේදී කිසියම් පිරිසක් විසින් මෙලෙස ගිනිබත් කර ඇත්තේ බජාජ් ප්ලැටිනා වර්ගයේ යතුරු පැදියකි. මෙම යතුරුපැදිය මීට පැය කිහිපයකට පමණ පෙර මෙම ස්ථානයට ගෙනැවිත් ගිනි තබන්නට ඇති බවට ප්‍රදේශවාසීහු සැකකරති.

යතුරුපැදියේ නොම්මර තහඩුවට අනුව එය දකුණු පළාත තුළ ලියාපදිංචි කළ යතුරුපැදියක් බවද ප්‍රදේශවාසීහු කියති.

kappitigala_bike_2 kappitigala_bike_1 kappitigala_bike_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article