spot_img
Friday, March 6, 2026
spot_img

අසරණ සතුන් නොමරා ජල භීතිකාව තුරන් කිරීමේ සටනට එක් වන “අහිංසා විරුවෝ”අගැයුමට ලක් වෙති

Must read

මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය කළමණාකරණය කිරීමේ නවීන ක්‍රමෝපාය මුල් කොට ගනිමින් පසුගිය පස් වසර තුළ අනුරාධපුර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමේ දී ඒ සඳහා ස්වේච්ඡාවෙන් අනුග්‍රහ දැක්වූවන් අගැයුමට ලක් කිරීමේ විශේෂ ජල භීතිකා දින සැමරුමක් ඉකුත් 28 වන දා අනුරාධපුර පැරණි බස් නැවතුම් පළ අසල නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ස්වාභාවික යුක්තිය මත පදනම් වූ අසරණ සතුන් හට ද මේ මිහිතලය මත ජීවත්වීම පිළිබඳ අයිතිය තහවුරු කොට මාරාන්තික ජල භීතිකා රෝගය මෙරටින් මුළුමනින්ම තුරන් කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතුව මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය කළමණාකරණය කිරීමේ පශු වෛද්‍ය සංසදයේ (Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාරයන් ගේ මාර්ගෝපදේශනයෙන් යුතුව පසුගිය වසර 5 තුළ Vets for Future සහ Justice of Animals විසින් අනුරාධපුරයේ සිදු කරන ලද වන්ධ්‍යාකරන හා සහ ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් මේ වන විට අවසාන ඉලක්කය වෙත ළඟා වෙමින් තිබේ.

මිනිසත් බව පදනම් කර ගත් එම වෙනස ඇති කිරීමට ස්වේච්ඡාවෙන් කාලය හා ශ්‍රමය කැප කළ හැකි අහිංසාවාදීන් ගේ කැපවීම නොමැතිව ඉහත ඉලක්කය සපුරා ගැනීම එතරම් පහසු නොවනු ඇත.ඒ අනුව ඒ සඳහා කෘතවේදීත්වය පළ කරමින් මෙම වසරේ, ජලභීතිකා දිනය වෙනුවෙන් එවන් පිරිස් අගැයුමක ලක් කිරීමේ උළෙලක් සංවිධානය කොට තිබුණේ සත්ව සුභසාධනය සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ මෙහෙයුම සඳහා ඔවුන්ගේ අමිල දායකත්වය මෙම මෙහෙයුමේ සැබෑ කොඳු නාරටිය සේ සළකමිනි.

මෙම මෙම කාර්යය සැමරීමට එක් වූ රජරට විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ට මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා මෙම සභාව අමතමින් කියා සිටියේ අසරණ සතුන්ට ආදරය කරුණාව දක්වමින් ඔවුනට පිහිටවන පිරිස් තමන් ට මිනිසුන් ලෙස නොව දෙවි වරුන් මෙන් පෙනෙන බවකි.

මෙම උත්සවය සඳහා අනුරාධපුර මහ නගර සභාවේ සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දායකත්වය හිමි වූ අතර එම ආයතන නියෝජනය කරන ආරාධිතයෝ ද මීට එක් ව සිටිය හ.මේ වන විට Vets for Future හා Justice of Animals සංවිධාන එක් ව නොමිලේ දිවයින පුරාම මිනිසත් බව පදනම් කර ගත් මෙවන් වැඩ සටහන් පවත්වා ගෙන යන බවත් කිසිදු සතකු හට ජීවිත හානියක් නොකොට මෙරටින් ජල භීතිකාව මුළුමනින් තුරන් කරන දිනය වැඩි ඈතක නොවන බවත් මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණය කළමණාකරනය කිරීමේ පශු වෛද්‍ය සංසදයේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා මෙම සභාව අමතමින් කීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article