පසුගිය 14 වනදා පැවති ආරච්චිකට්ටුව ප්‍රා.සභා රැස්වීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විරෝධය පා පිටව යන ලදී. මෙයට හේතුව වශයෙන් ඔවුන් දක්වා සිටියේ තමන් නියෝජනය කරන ආරච්චිකට්ටුව බල ප්‍රෙද්ශය තුළට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ලබාදී නොමැති අතර ඒ සදහා වසර මුලදී තමන් විසින් ලබාදුන් ඇස්තමේන්තු සියල්ල වෙනස් කර පාරවල් සංවර්ධනය සදහා සිදුකර තිබූ යෝජනා කපා හැර මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ව්‍යාපෘති වලට පමණක් මුදල් වෙන්කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කල එම්.සුබාකරන් මන්ත්‍රීවරයා සදහන් කලේ ‘අපි තුන්දෙනාම ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා, ජයග්‍රහණය කරලා ආපු මන්ත්‍රීවරු ඒ නිසා අපට ජනතාව වෙනුවෙන් වැඩකරන්න, කතාකරන්න අයිතියක් තිබෙනවා , දිගින් දිගටම අපේ ඉල්ලිම් වල සභාව ඇහුම්කන් දෙන්නේ නැත්නම් විරෝධය පා පිටව යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවයි. ‘ එසේ විරෝධය පා පිටව ගිය මන්ත්‍රීවරුන් වන්නේ එම්.සුබාකරන්,එම්.එච්.මුස්රිත්,එන්.කමලේෂ්වරන් යන මන්ත්‍රීවරුන් වේ.








