spot_img
Friday, March 6, 2026
spot_img

ආරච්චිකට්ටුව සභාපති මන්ත්‍රීවරියට අපහාස කිරීම ගැන සමාව ඉල්ලයිද?

Must read

ආරච්චිකට්ටුව ප්‍රා.සභාපතිවරයා විසින් ප්‍රා.සභාවේ මන්ත්‍රීවරියකට ඊයේ (12 ) වෙනිදා තර්ජනය කිරිමක් හා පරුෂ වචනයෙන් බැන වැදීමක් සිදුකොට ඇති බවට ස.ජ.බ. මන්ත්‍රිනී වර්ණකුලසූරිය නිකිනි අයෝධ්‍යා තරුෂිකා ප්‍රනාන්දු විසින් ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. එම පැමිණිල්ලට අනුව ඇය ආරච්චිකට්ටුව ප්‍රා.සභාවට ගොස් තිබුණේ ඇයගේ නිල හැදුනුම්පත ලබාගැනීම වෙනුවෙනි. එම අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර (ජා.ජ.බ,) විසින් ඇයට අපහාස වන අයුරින් බැන වැදි තිබේ. පැමිණිල්ලේ සදහන් කර ඇති පරිදි “මම උබලගෙ මුහුණ බලන්න කැමති නැහැ. මෝඩ හරක් , පාරක ලයිට්වත් ගන්න දෙන්නේ නෑ” කියම්න් ඇය අපහාසයට බැදී තිබේ. පසුව, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එදිනම දහවල් පොලිස්ථානය වෙත පැම්ණ “ඔහු ඇයට බැන වැදුනේ නැති බවත්,මන්ත්‍රී හැදුනුම්පත එළියේ මේසය මත ඇති බව” උස් හඩ්න් කියු බවටත් ප්‍රකාශයක් ලබාදී ඇත. මෙම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතව ඇත.
කාන්තාවන්ට ගරුකළ යුතු බවට මෙන්ම සමානව සැලකිය යුතු බවට ඉහලින්ම පිලිගන්න රජයක් පවතින අවස්තාවේදී මෙන්ම කාන්තාවක් අගමැතිනිය වී සිටින රටක මාලිමා රජයේ ප්‍රා.සභාපතිවරයෙක්ගේ මෙවැනි හැසිරීම ඉතාමත් ලැජ්ජා සහගත මෙන්ම කණගාටුදායක වන අතර සමථ මන්ඩලයේදී මෙම කාන්තවට සාධාරණයක් ඉටුකළ හැකිද යන ගැටලුව මතුවේ. ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් බල ව්‍යුහයන් විසින් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇති ද?


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article