මිලානෝ නගරයේ Cinisello Balsamo හි dell’Hotel Berna හි බාර් වරයෙකු වශයෙන් සේවය කරමින් සිටිය ආරච්චිගේ දෝනා චමිලා වීරසූරිය නැමති කාන්තාවගේ මළ සිරුර ඊයේ (11)දින ලඳු කැලෑවට ආසන්නයේදී සොයා ගන්නා ලදී
අදාල ශ්‍රී ලාංකික කාන්තාව පසුගිය සිකුරාදා(9) සිට අතුරුදන් බව ඇයගේ සැමියා සහ පිරිමි දරුවා විසින් අදාල පොලීසියට වාර්තා කල අතර එදිනම ඇයගේ ඡායාරුපයක් පොලීසිය විසින් ප්‍රසිද්ධ කර සිටියේය.
චමිලා අතුරුදන් ව සිටියදී පසුගිය සෙනසුරාදා උදයේ එම හෝටලයේම චමිලා සමඟ සේවය කරමින් සිටි හෝටලයේම ඊජිප්තු ජාතිකයෙකු වන 51 හැවිරිදි Hani Fouad Abdelghaffar Nasra පිහි පහරවල් එල්ල කර ඝාතනය කිරීමට එහිම සේවය කල ඉතාලි ජාතික Emanuele de Maria උත්සාහ කර තිබූණි.
සෙනසුරාදා උදයේ එල්ල කල එම පිහි ප්‍රහාරය සහ සිකුරාදා සවස සිට ආගිය අතක් නොමැති චමිලා අතර කුමක් හෝ අභිරහසක් තිබේද යන්න ගැන ඉතාලියේ මිලානෝ නගරයේ Cinisello Balsamo හි නාගරික සහ රාජ්‍ය පොලීසියට පවා සැකයක් ඇතිවී තිබුණි.
එසේ අභිරහසක් ලෙස කාලය ගතවන විට ඊයේ (11) වන ඉරිදා ඉතාලියේ වේලාවෙන් සවස 4 ට පමණ මිලානෝ නගරයේ Cinisello Balsamo යන ප්‍රදේශයේ Parco Nord හි මළ සිරුරක් තිබෙන බවට හදිසි ඇමතුම් 118 අංකයට ඇමතුමක් ලැබී එය පරීක්ෂා කිරීමේදී අතුරුදහන්ව සිටි 50 හැවිරිදි ආරච්චිගේ දෝනා චමිලා වීරසූරියගේ මළ සිරුර හමුවූ බවට පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබුනි.
අදාල සේවා ස්ථානයේ එකට සේවය කරමින් සිටි සහ සෙනසුරාද පෙරවරුවේ පිහි ප්‍රාහරයක් එල්ල කල ඉතාලි ජාතික Emanuele de Maria වෙත පොලීසිය සැකයක් එල්ල කර තිබුනේ ඔහුද අතුරුදන් වී සිටි බැවිනි.පිහි ප්‍රහාරයට ලක්වූ ඊජිප්තු ජාතික 51 හැවිරිදි Hani Fouad Abdelghaffar Nasra බරපතල ලෙස තුවාල සිදු වුවත් ඔහුට ජීවත් වීමට හැකි විය.ඉතාලියේ මිලානෝ නගරයේ පොලීසිය විසින් සැකකරු වන ඉතාලි ජාතිකයාව සොයමින් සිටියදී ඔහුද ඊයේ (11) ඉතාලියේ මිලානො නගරයේ DUOMO හිදී පැන සිය දිවි හානි කරගෙන තිබේ……
පසුගිය සිකුරාදා (9) Parco Nord උද්‍යානයට ප්‍රවේශ විය හැකි මාර්ගයේ සිකුරාදා සවස 3.15 ට පමණ චමිලා සහ 35 හැවිරිදි Emanuele de Maria උද්‍යානයට ඇතුළු වන ආකාරය නිරීක්ෂණ කැමරාවක පටිගත කර තිබුණා. පසුව එම පුද්ගලයා පැය කිහිපයකට පසු viale Fulvio Testi මාර්ගයේ නැවත පෙනී සිටි අතර Bignami, නැවතුමේදී කැමරාවකින් රූප රාමු නිරීක්ෂණය කරන විට ඔහු තනිව සිටියේය. මේ හේතුව නිසා, විමර්ශකයින් සෙවුම් ප්‍රදේශය එම ස්ථානයට සීමා කළහ.
Emanuele de Maria නම් ඉතාලි ජාතිකයා මීට වසර 9කට ඉහත දී ඉතාලියේ Castel Volturno in provincia di Caserta හි ප්‍රදේශයේදී 23 හැවිරිදි ටියුනීස් ජාතික Oumaima Rache තරුණිය ඝාතනය කිරීම හේතුවෙන් බන්ධනාගාර සිට විශේෂ අවසර මත රැකියාවක් වශයෙන් චමිලා සහ පිහි ප්‍රාහරය එල්ලවූ ඊජිප්තු ජාතිකයා රැකියාව කරන ‘Hotel Berna හි තාවකාලික රැකියාවට පැමිණ ඇත.ඉතාලියේ එවැනි වරප්‍රසාද ලබා ගැනීමට හැක.
දැන් ඔහුද මීටර් 60 කට ආසන්න උසකින්
(60 metri delle terrazze del Duomo di Milano,
තිස්පස් හැවිරිදි ඩි මරියාගේ සියදිවි නසාගැනීමෙන් පසු, චමිලා ජීවතුන් අතර සිටිනු ඇතැයි යන බලාපොරොත්තු ඉතා අල්ප විය. එසේ වනවිට චමිලාගේ නිසල දේහයද ඊයේ සොයාගන්නට හැකිවිය.
දැනට ඉතිරිව ඇති එකම සාක්ෂිය වන්නේ පසුගිය සෙනසුරාදා පිහි ප්‍රාහරයට ලක්වූ එම හෝටලයේම එකම ස්ථානයේ සේවය කරමින් සිටි ඊජිප්තු ජාතික 51 හැවිරිදි Hani Fouad Abdelghaffar Nasra ගෙන් කට උත්තර ලබා ගැනීමෙන් අනතුරුවය.ඔහු දැනට රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.
ආරච්චිගේ දෝනා චමිලා වීරසූරියගේ මරණ පරීක්ෂණයදී ඇය ඝාතනය වූයේ කවදා යන්න දැනගැනීමට හැකිවෙයි.පසුගියදා පොලීසිය විසින් පිහි ප්‍රාහරය සහ චමිලාගේ අතුරුදන් වීම පිළිබඳව දැනුම් දෙන විට මෙය ඇත්තෙන්ම අභිරහසක් වශයෙන් සඳහන් කරන ලද්දේ සිකුරාදා චමිලා අතුරුදන් වීමත් සෙනසුරාදා පිහි ප්‍රහාරයත් මේ තිදෙනාම එකම හෝටලයේ එකම ස්ථානයේ රැකියාවේ නියුතු වීමත් සිකුරාදා සවස චමිලා සහ පිහි ප්‍රහාරය එල්ල කල සැකකරු උද්‍යානයට ඇතුළු වීමත් පසුව ඔහු පමණක් එයින් එලියට ඒමත් ඉතාමත් කුතුහලකයක් දක්වන කරුණක් විය.
චමිලාගේ නිසල සිරුර සොයා ගන්නා විට සැකකරුවාද සිය ජීවිතය අවසන් කර ඇත.
කුමකින් කුමක් සිදුවූවාද තවම නොදනී.කෙසේ හෝ යම්කිසි අභිරහසක් මේ තිදෙනා අතර තිබෙන්නට ඇත.
එමිල් රෝහන්