මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරට තෙල් සංචිත කළමනාකරණය කර ගැනීමේ අරමුණින් ජනතාව වෙත ඉන්ධන නිකුත් කිරීමට ජාතික ඉන්ධන බලපත්රය හෙවත් QR කේතය යටතේ සිදුවෙමින් පවතී. එම ක්රමය ආරම්භ කිරීමත් සමගම බොහෝ ගැටලු ඇති වී තිබුණ ද මේ වන විට එම ගැටලුවලට පිළියම් ලැබෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්” දිනෙන් දින දිගුවන ඉන්ධන පෝලිම්වල අඩුවක් දැක ගැනීමට නොමැති අතර ඇතැම් ඉන්ධන හල් අසල ඉතා දිගු පෝලිම් තවමත් දැක ගත හැකි ය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අලුත් ම පියවරක් ගැනීමට තීරණය කර තිබේ.
ඉන්ධන නිකුත් කිරීම ඔත්තේ, ඉරට්ටේ ක්රමයට දැනට හඳුන්වා දී ඇති QR ක්රමවේදයට අමතරව රජය විසින් මාර්තු 19 වන දා සිට ජනතාව වෙත ඉන්ධන නිකුත් කිරීමට තවත් අලුත් ක්රමයක් ප්රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව QR කේතයට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංකයේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසීය.
“දිනය ඔත්තේ දිනයක් නම්, උදහරණයක් හැටියට අද 18, අද ඉරට්ටේ දවසක්. ඔබේ වාහනයේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් හෝ බිංදුව නම් අද ඔබට තෙල් ලබා ගන්න පුළුවන්. හෙට තෙල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔත්තේ අංකවලට විතර යි. ඔත්තේ කියලා කියන්නේ, 1,3,5,7,9 කියන අංක නම් ඔබේ වාහනයේ අවසාන අංකය, හෙට 19, හෙට ඔත්තේ දිනයක් එතකොට 1,3,5,7,9 කියන වාහනවලට විතර යි හෙට තෙල් ලබා දෙන්නේ.”
ඉන්ධන පිරවුම් හල් අසල ඇති දිගු පෝලිම් අඩු කිරීම සඳහා මෙම ක්රමය හඳුන්වා දුන් බව ද සභාපතිවරයා කියා සිටියේ ය.
www.bbc.com/sinhala







