spot_img
Friday, March 6, 2026
spot_img

ඉරණවිලට වැවක් දායාද කළ වැලි ඡාවාරමක් ??

Must read

2011 දී පමණ ඉරණවිල ප්‍රදේශයේ ස්වභාවිකව පිහිටා තිබූ කුඩා වගුරක රොන්මඩ ඉවත්කිරීමේ මුවාවෙන් සිදුකර ඇති විශාල පරිසර හානියක් පිළිබඳව එම ප්‍රෙද්ශයෙන් වාර්තා වේ.
මේ වනවිටත් එම ස්ථානයේ ජලය පිරුණ විශාල ජලාශයක් ඇති අතර මෙම ජලාශය සෑදී ඇත්තේ වගුරක් හාරා වැලි ඉවත්කිරීමේදීයි. (පොකුණක් ලෙසද හැදින්වෙයි)
මෙම ස්ථනාය ස්වභාවිකව පිහිටා තිබූ කුඩා වගුරකව තිබී ඇති අතර ඒ අවට වෙල්යායක් , ඇලක් මෙන්ම වැවක්ද පිහිටා ඇත. මෙම වැව නෙලුම් වැව ලෙස හදුන්වන අතර වැවේ ජලය වැඩිවන කාලයට මුහුදට ගලා යාමට අගලක්ද ආදී කාලයේ පටන් තිබූ බව ප්‍රෙද්ශවාසීන් පවසයි.

අදාළ කාලය තුළ සිදුවී ඇති මෙම වගුරේ රොන්මඩ ඉවත්කිරීම අවසන් වන විට විශාල වැලි ප්‍රමාණයක් ටිපර් මගින් මෙම ස්ථානයෙන් ප්‍රවාහනය කර ඇති අතර මෙම ව්‍යාපෘතියට මහවැව ප්‍රාෙද්ශීය ලේකම් හරහා මුදල් ලබාගත් බවට නිල නොවන තොරතුරු වාර්තා කරයි.
ඉරණවිල ගම්වාසීන් මෙම ව්‍යාපෘතියට විරුද්ධවී ඇති අතර එවකට නාත්තන්ඩිය ප්‍රාෙද්ශීය සභාවේ හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු හා තවත් පුද්ගලයෙකු විසින් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ බව ගම්වාසීන් පවසයි. මෙම වගුර පිහිටි ඉඩම රජයට අයත් ඉඩමක් වන අතර මෙහි රොන්මඩ ඉවත්කිරීමේ හදිසි අවශ්‍යතාවයක් කිසිවෙකුට නොතිබුන බවත් මෙම ක්‍රියාව වැලී හෑරීමේ අරමුණෙන්ම සැලසුම් කර සිදුකළ බවත් ගම්වාසීන් පවසයි.
මෙම ස්ථානය මේ වනවිටත් ජලයෙන් පිරී වැවක් සේ දිස්වන අතර මෙහි පාරසරික විනාශයක් මෙන්ම අනතුරුදායක පරිසරයක්ද නිර්මාණය වී තිබේ.
මෙම ස්ථානයට යන ආධුනිකයෙකු මෙම ජලාශයේ ගැඹුරක් නොදන්නා අතර , කුඩා දරුවෙකු වුවද ගිලී මිය යාමේ අවධානමක් පවතියි.

වැලි හෑරීමෙන් පසුව එම ස්ථානයේ තිබූ කුඩා වගුර වෙනුවට පසුව විශාල ජලාශයක් නිර්මාණය වූ බවත් , හිටපු ප්‍රාෙද්ශීය ලේකම්වරිය මේ සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් හෝ සිදුනොකර මෙම ව්‍යාපෘතියට මුදල් අනුමත කර ඇති අතර , පසුව සිදුකළ වැලි ඡාවාරමටද එරෙහිව ඇය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ප්‍රෙද්ශයේ පරිසර ක්‍රියාකාරින් පවසති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article