පසුගිය දිනවල ඇතිවූ කුණාටු සහ ගංවතුර තත්වය නිසා තොඩුවාව -ඉරණවිල කලපු ආසන්නයේ ජීවත්වු විහාල පිරිසකගේ නිවාස ජලයෙන් යටවී තිබේ. ඔවුන්ට පසුගිය දින කිපයේම ගමේ දේවස්ථානයේ රැදී සිට රැකවරණය ලබන්නට සිදුවූ අතර ආහාර සහ පහසුකම් දේවස්ථානයේ පියතුමාගේ මැදිහත්වීමෙන් ලබාදී තිබේ. මේ වනවිටත් එම ප්‍රෙද්ශයට විදුලිය ලැබී නොමැති අතර , ඔවුන් සිය නිවෙස් කරා යාමට ආරම්භ කර තිබේ. ජලයෙන් සහ මඩවලින් විනාශවී ඇති නිවාස පිලිසකර කරගැනීමට මෙම ජනතාවට දින කීපයක් ගතවනු ඇති බවත් ඔවුන්ට ආහාර සහ පානීය ජලය අවශ්‍ය බවත් ප්‍රෙද්ශයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අප හා පැවසීය. ඉරණවිල ගම්මානයට ලේසියෙන්ම ගමන් කළ හැකිව තිබූ තොඩුවාව පාලම මේ වනවිටත් කඩවැටීම නිසා එම ජනතාවට තවත් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවී ඇත. ඔවුන්ට සහන සැලසීමට යන පිරිස් හට යාමට සිදුවන්නේ හලාවත -අඹකදවිල හරහා වන අතර නගරයද තවමත් ජලය රැදී පවතියි.


https://www.facebook.com/watch/?ref=saved&v=836368059012818
ඡායාරූප – තරිදු ප්‍රියංකර (උපුටා ගැනීම – https://www.facebook.com/suminda.fernando.94)







