spot_img
Saturday, March 7, 2026
spot_img

ඉරණවිල ධිවරයන්ගේ ජිවන අදෝනාව ඇහෙන්නේ කාටද ?

Must read


ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදීමේදී විවිධ දුෂකරතා වලට මුහුණදීමට සිදුව ඇති බව ඉරණවිල ප්‍රදේශයේ ධීවරයෝ පවසති. පසුගිය මාස දෙක පුරාවට වැසිබර කාලගුණය නිසා මුහුදේ ජල මට්ටම මෙන්ම තොඩුවාව මෝය කට පිරී ඇති නිසාත් මේ දිනවල රැකියාව කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණදීමට මේ අයට සිදුව තිබේ

ලග මුහුදේ මසුන් ඇල්ලීමේ නිරතව සිටින කුඩා බෝට්ටුවල රැකියාවේ යෙදෙන ධීවරයින් පවසන්නේ රළපහරට දැල්වලට හානි සිදුවන බවයි.
වෙන කාලවලදී මෝය කට කපා වැලි ඉවත්කිරීම සිදුකළත් මෙවර තවමත් අධික ගංවතුර නිසා පිරී ඇති මෝය හෑරිම සිදුවී නොමැත. ඉරණවිල ගම්මානය ආශ්‍රිතව සිදුවන දැඩි වෙරළ ඛාදනයද මේ දිනවල සීඝ්‍රවී තිබේ. එයට ප්‍රධාන හේතුව ලෙසින් ධිවරයන් පවසන්නේ වරාය නගරය ගොඩනැගිම සදහා මුහුදෙන් වැලි ගැනිම බවය.

කේ.කුමුදු නුවන්ති

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article