
“ඉර හැංගිලා” ලස්සන ටෙලි නාට්‍යයක්!
පසුගිය සිකුරාදා නිමාවට පත් වූ ජාතික රූපවාහිනියේ සතියේ දිනවල රාත්‍රී: 8.30ළු ප්‍රචාරය වූ “ඉර හැංගිලා” ටෙලි නාට්‍ය කාලයකට පසුව ඉතාමත් කැමැත්තෙන් නැරඹූ ටෙලි නාට්‍යයක් බව කිව යුතුය.
උතුරු මැද පළාතේ ගම්මානයක් සහ එහි ජීවත්වන පවුල් කීපයක් වටා ගොඩනැගුනු කතාවක් මෙම ටෙලි නාට්‍යයට පදනම් වී තිබුණි.
එම පවුල් සහ එම පවුල්වලට අයත් වන පුද්ගලයන්ගේ චරිත හා බැඳුණු අවස්ථාවෙන් අවස්ථාවට තැනින් තැන සම්බන්ධ වෙන කතා ගණනාවක් බොහොම සියුම්ව යා කරමින් නාට්‍ය නිර්මාණය කර තිබුණි.
මේ වන විට ඉන්දියාවේ සහ ලෝකය පුරා අතිශයින්ම ජනප්‍රියත්වයට සහ ප්‍රේක්ෂක ආකර්ෂණයට පත්වෙමින් ඇති මලයාලම් චිත්‍රපටයක සුවඳ මෙම ටෙලි නාට්‍ය තුළින් වහනය වූ බවයි මගේ අදහස.
රසායනික පෝර සහ කෘමිනාශක භාවිතය නිසා සිදුවෙන මිනිස් ජීවිත විනාශය ගැන ටෙලි නාට්‍යයේ මුල් කොටස්වල දී යම් කතිකාවක් ඉදිරිපත් කෙරුවත් එය පසුව නාට්‍යයේ චරිතවල හැසිරීමට පමණක් සීමා විය.
ටෙලි නාට්‍යය තුළින් මතුවූ සෑම චරිතයක් තුළම ඇති සුවිශේෂත්වය වඩා හොඳින් මතුකර පෙන්වීමට අධ්‍යක්ෂවරයා සහ කතා රචකයා දක්වා තිබූ දක්ෂතාවය අගය කළ යුතුය.
සෑම නළු නිළියෙක් ම තමන්ගේ චරිතයට අතිශයින්ම සාධාරණත්වයක් ඉටු කර තිබුණි.
එහිදී මුදලාලි, දිලීමා සහ රංජිගේ චරිත නිරූපණය කළ නළු නිළියන් තම චරිත වලට ලොකු සාධාරණත්වයක් ඉටු කර තිබුණි.
නාට්‍ය පුරාවට විවිධ චරිත විසිරී තිබුණත්, කේන්ද්‍රීය චරිතය ලෙස ඉදිරිපත් කර තිබූ දිලීමාගේ චරිතයට සුවිශේෂ බලපෑමක් වූ මියගිය ඇයගේ සැමියාගේ සහෝදරයාගේ රංජීගේ චරිතය මානවයකු තුළ විවිධ අවස්ථාවල ඇතිවිය හැකි සුවිශේෂ ගති ලක්ෂණ පෙන්වන චරිතයක් විය.
එම චරිතය නිරූපණය කළ නළුවා සැබැවින්ම අති දක්ෂයෙකි.
අවස්ථා කීපයකදී යම් අලස බවක් දැනුනත්, පැවති කුතුහලය ප්‍රේක්ෂකයාව එම නාට්‍ය තුළ රඳවා තබා ගැනීමට හේතු වූ බව කිව යුතුය.
නිතර ඇසෙන ඒකාකාරී පවුල් ආරවුල් තේමාවන් තුළ සිරවී සිටින ප්‍රේක්ෂකයන්ට සැබෑ වින්දනයක් සහ මානසික සන්සුන්භාවයක් ළඟා කර දුන් ටෙලි නාට්‍යයක් ලෙස “ඉර හැංගිලා” ටෙලි නාට්‍ය හැඳින්විය හැක.
අරුණ ශාන්ත නෝනිස්







