spot_img
Friday, March 6, 2026
spot_img

ඉස්සරහට එන්නේ කැස්බෑවෝ බිත්තර දාන කාලේ – වෙරළට එන කැස්බෑවන් මරන්න එපා !

Must read

දුර්ලභ සතෙකු වන කැස්බෑවන් ආහාරයට ගැනිම වෙරළාශ්‍රිත ප්‍රෙද්ශ වල බහුලව සිදුකෙරෙයි. බොහෝ විට ඇගට ලේ වඩන මස් වර්ගයක් ලෙස කතාබහට කියවේ. නමුත් මෙම කැස්බෑවන් ආරක්ෂා කළ යුතු සමුද්‍ර ජීවීන් වර්ගයක් ලෙස හදුනාගෙන තිබෙන අතර බෝ කිරීමත් ස ංරක්ෂනය කිරීමත් පිණිස ලෝකයෙ බොහෝ ක්‍රියාකාරකම් සිදුවෙයි. මේ මස අවසානයේ කැස්බෑවුන් වෙරළට පැමිණෙන්නේ ඔවුන් පැටව් බෝ කිරීම සදහා බිත්තර දමන කාලය එලඹීම නිසායි. මේ හේතුවෙන් කැස්බැවුන් දඩයම් කිරීමට මිනිසුන් පෙළඹෛයි.
පසුගියදා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබදව විශේෂ වැඩමුළුවක් පවත්වන ලදී. පහත පළවන්නේ ඒ පිලිබද වැඩිදුර තොරතුරු වේ.

උපුටාගැනිම -වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුහුණු පොතෙනි.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව, දැඩි ආරක්ෂිත සමුද්‍ර ජීවී විශේෂයක් වන මුහුදු කැස්බෑවුන්ගේ මීලඟ කැස්බෑ බිත්තර දැමීමේ සමය මෙම මස අග භාගයේ දී පමණ ආරම්භවීමට නියමිතය. එබැවින්, මුහුදු කැස්බෑවුන් ආශ්‍රිත සංරක්ෂණ කටුයුතු සිදු කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති අනුමත ක්‍රමවේදයට අනුව සංරක්ෂණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමටත්, සංරක්ෂණය කටයුතු සිදු කිරීමේ දී පැනනගින ගැටලු හා ඒවාට ගත හැකි පූර්වෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීමටත්, 2025.10.22 දින පෙ.ව 9.00 සිට ප.ව. 2.30 දක්වා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (සමුද්‍ර) ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වැඩමුළුවක් සාර්ථකව පැවැත් වුවා. මේ සඳහා දිවයින වටා වනජීවී කලාප වල කැස්බෑ සංරක්ෂණ කටයුතු සිදු කරන වනජීවී නිලධාරීන් ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා, කැස්බෑ සංරක්ෂණ කටයුතු සිදු කරන අනෙකුත් පුද්ගලයන්/ ආයතන/ සංවිධාන වල නියෝජිතයන්ද 50 ට ආසන්න ප්‍රමාණයක් සහභාගී වුුුණා.

ඒ අනුව අදාල පාර්ශවයන්හට කැස්බෑ සංරක්ෂණ කටයුතු සිදු කිරීමේදී පැන නගින ප්‍රායෝගික ගැටලුකාරී තත්වයන් මඟහැරීම සඳහා ගත යුතු පූර්වෝපායන් පිළිබඳ වනජීවී නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, කැස්බෑ බිත්තර හා මාංශ වෙළදාම ආශ්‍රිතව ඇති වී ඇති අනීතික ක්‍රියාවන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම ත්‍රිවුර කිරීමට සාධනීය කථිකාවතක් හා සම්බන්ධීකරනයක් අනෝන්‍ය වශයෙන් ඇති කර ගත්තා.

එළඹෙන කැස්බෑ බිත්තර දැමීමේ සමයෙහි මෙරට මුහුදු වෙරළට ලගා වන කැස්බෑවුන් හට සිදු වන පීඩාකාරී ක්‍රියාවන් පිළිබඳ 1992 අංකය ඔස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ලඟම පොලිස් ස්ථානයට දැනුවත් කරන ලෙස කාරුණීකව ඉල්ලා සිටිනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article