‘උදාසිරිගම සොයිසා වැව පිළිසකර කළ යුතුයි’ – ප්‍රා.සභා මන්ත්‍රී සාන්ත පෙරේරා -වෙන්නප්පුව – උදාසිරිගම 4 සහ 6 කොටසේ පිහිටා ඇති කාණු පද්ධතියෙන් සහ උදාසිරිගම කාණු පද්ධතියෙන් ගලා එන ජලය එක්රැස්වෙන ජලාශ්‍රයක් ලෙස සොයිසා වැව හැදින්විය හැකියි. රේල්පාර (රේල් බෝක්කුව) යටින් ගලායන ජලයද රදවාගන්නේ මෙම සොයිසා වැවේ වන අතර විවිධ රජයන් යටතේ සැකසුන කාණු පද්ධති වල වැසි ජලය මෙහි එක්රැස් වේ. පසුගියදා 13 වනදා පැවති වෙන්නප්පුව ප්‍රා.සභාවේ මහ සභා වාරයේදී සමගි ජන බලවේගයේ ප්‍රා.සභා මන්ත්‍රී සාන්ත පෙරේරා විසින් යෝජනා කර සිටියේ මෙම සොයිසා වැව සුද්ද කර පිළිසකර කිරීම කළ යුතු බවයි. එහිදී සාන්ත පෙරේරා මන්ත්‍රීවරයා විසින් පවසා සිටියේ සොයිසා වැව සුද්ද කිරීම සම්බන්ධයෙන් විමසා බැලීම සදහා පසුගිය දිනක වෙන්නප්පුව ගොවිජන සේවා කාර්යාලයටද ගොස් මෙ බව විමසා සිටි බවත් , ගොවිජන සේවා ආයතනය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ වගා කරන කුඹුරු ආශ්‍රිත වැව් වලට පමණක් බව එහිදි දැනගන්නට ලැබුණ බවයි. මන්ත්‍රීවරයා අවධාරණය පරිසරය පද්ධතිය ආරක්ෂා විමට ස්වභාවිකව පිහිටා ඇති මෙවැනි කුඩා වැව් පිළිසකර කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රාෙද්ශීය සභාව අවධානයට ලක්විය යුතු බව මන්ත්‍රීවරයා තවදුරටත් අවධාරණය කරන ලදි.
මෙම සොයිසා වැව ආශ්‍රිත භුමියේ භුමි ප්‍රමාණයද මේ වනවිට අඩුව ඇති බවත් අනවසරයෙන් එම භුමිය ගොඩ කර ඇති බවත් එම ප්‍රෙද්ශයෙන් වාර්තා වේ.








