රෝගී වූ බලු පැටවෙකුට පශුවෛද්‍යවරයෙක් යැයි කියාගත් පුද්ගලයෙකු ප්‍රතිකාර කළ ආකාරය සම්බන්ධයෙන් සැකපහළ වූ හිමිනමක් අදාළ පශු වෛද්‍යවරයා සම්බන්ධයෙන් තමන්ට මුහුණ දුන්සිදුවිම මුහුනු පොතේ පළ කර තිබේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයකදී සිදුවී ඇති අතර විහාරස්තානයේ නායක ස්වාමීන්වහන්සේ විසින් සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබේ. සිදුවීම පහත දක්වා ඇත.
”අද උදෑසන අපේ පන්සලේ අසනීපව සිටි බලු පැටවෙකුට බෙහෙත් දීම සඳහා ආනමඩුවේ පශු වෛද්‍ය නම් පුද්ගලයකු විහාරස්ථානයට පැමිණියේ බලු පැටවාට බෙහෙත් කිරීමට මාගේ දුරකථන ඇමතුමක් අනුවය. පශුවෛද්‍ය යයි කියූ පුද්ගාලයා පැටවාට එන්නත් තුනක් ලබා දෙන ලදී ..සවසට නැවත එන්නත් කරන්නට යැයිද එන්නත් තුනක් මාහට ලබාදෙන ලදි. බෙහෙත් පෙති කීපයක්ද ලබාදුන් අතර ඒ සිල්ල මේ සමග පලකරමි.
බලු පැටවා කිසිදු පරීක්ෂාවකින් තොරව බෙහෙත් ලබා දුන් නිසා මම ඔහුගේ වතගොත විමසීමි එවිට ඔහු කියා සිටියේ තමා ආණමඩුවේ පශු වෛද්‍යවරයා බවත් කොට්ටුකට්ටියේ පදිංචිව සිටින බවත් තමා පශු වෛද්‍ය යසරත්න (Dr.යසරත්න ) යනුවෙන්ද මා වෙත හඳුන්වා දෙන ලදි.
සිලින්ජරය පුරවා මෙතරම් අධි මාත්‍රාවක් මාස දෙකක චූටි පැටියෙකුට ලබා දීම අදහාගත නොහැකි බැවින් මා මේ පිළිබඳව කල්පිටියේ පශු වෛද්‍යතුමාට දුරකථනයෙන් දැනුම් දුනිමි. එන්නත් ලබාදී පැය තුන හතරකට පසුව චූටි බලු පැටවාගේ ඉදිරි අත්දෙක සහ බෙල්ල පණ නැතිව ගිය බැවින් මා නැවතත් කල්පිටියේ වෛද්‍යවරයා ඇමතූ විට එතුමා විසින් මා ආනමඩුව රජයේ පශු වෛද්‍ය තුමිය වෙත යොමු කරන ලදි.
ආනමඩුවට යන අතරතුරු පශු වෛද්‍ය යසරත්න විසින් ලබාදුන් එන්නත් චෙක් කිරීමේදී ඒවා ඌරන්ට ලබාදෙන එන්නත් බව සහ එවැනි නමකින් පශු වෛද්‍යවරයෙකු ආණඅඩුවේ නොමැති බවත් දැන ගැනීමට ලැබිණි.
කවුද මේ පශු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින හොරා. ?? මා එම මොහොතේ මාගේ ජංගම දුරකථයෙන් යසරත්නගේ ඡායාරූප කීපයක් සහ ඔහු පැමිණි යතුරු පැදියේ ඡායාරූප කීපයක් දලබාගත්තෙමි.
+94768853900 දුරකථන අංකයෙන් ඔහු ඇමතිය හැක.”
මෙලෙස පශු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින මොහු පිළිබඳව අවශ්‍ය නීති කටයුතු සිදු කිරීමට මා අපේක්ෂාකරමි. පුත්තලම , මදුරන්කුලිය , කල්පිටිය , ආණමඩුව අවට සියලු දෙනා මෙම වංචනික පුද්ගලයා පිළිබඳව අවධානයෙන් පසුවන්න.
ආණමඩුවේ පශු වෛද්‍ය ලෙස පෙනී සිටින හොරා පිළිබඳව
https://www.facebook.com/sumitta.nayakathero?cft[0]=AZWC8M5s7fJ9q3VQ37WHFE3kxdECJVysOR3nzdr39n5xbpw4lb0M8zLqlWoQXrO-WGOHg2i439E4n7cCSfziqQDPqBzOTx8ylj5XkrY05mTQsly0rNgpda9rQHl3Rm01EfY8DjCir-sXhjLA8CNFMTY2Anod_2oz6Nh-_9XUpWwVhztGyT74W65WkekNPfB5mmk&tn=-UC%2CP-y-R







