spot_img
Friday, March 6, 2026
spot_img

එතුමා ඉස්පිරිතාලයට ඇතුල් වුණේ පියතුමාට පහර දුන් නිසයි,පියතුමාට නොසෑහෙන ලෙස පහරදී තිබෙනවා -ගරු. සිරිල් ගාමිණී පියතුමා.

Must read

ගරු .මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පොලිස් නිලධාරින් විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය මුල් කරගෙන කටාන, බෝලබලාන ,මීගමුව ,දිසාවල පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් එක්ව මීගමුව තෙල් වත්ත හන්දියේ දී නිහඬ විරෝධතාවක් 27 වෙනිදින පවත්වන ලදී.කලාපීය නාහිමි අතිගරු . ශාන්ති කුමාර් වැලිවිට, පියතුමාගේ මෙහෙයවීමෙන් පවත්වන ලද මෙම විරෝධතාවයේදී පියතුමන්ලා සහ පැවිදි සෝහොයුරියන් මෙම පහර දීම හෙලා දකිමින් සඳහන් කළ පුවරු රැගෙන සිටින ලදී.මීගමුව නගර සභා භූමියේ සිට පෙළපාලියකින් පැමිණ හලාවත කොළඹ මාර්ගයේ තෙල් වත්ත හන්දියේ දී මෙම නිහඬ විරෝධතාවය සිදු කළේය.

ජාතික කතෝලික ජන සංවේදනය අධ්‍යක්ෂක ගරු. ජූඩ් ක්‍රිශාන්ත පියතුමා.

     අපි මෙතනට පැමිණියේ රටේ කිසිම පුරවැසියෙකුට ශාරීරික   මානසික හිංසනයක් කිරීමට පොලිසියට අයිතියක් නැති බව ප්‍රකාශ කිරීමටයි.පියතුමෙකුට මේ වගේ අවාසනාවන්ත සිද්ධියකුට මුහුණපාන්න සිදුවුණා නම් මෙරට අපේ පුරවැසියන්ට මොන වගේ කාලයක් උදා වෙයිද,කියන ප්‍රශ්නය අපට තියෙනවා,මේ වගේ විරෝධතාවක් කෙරුවේ මින් ඉදිරියට ආගමික නායකයන්ට හෝ වෙනත් කිසිම පුරවැසියෙකුට මෙවැනි ශාරීක හා මානසික හිංසනයක් කිරීමට පොලිසියට නොහැකි බව ප්‍රකාශ කිරීමටයි,මේ වගේ දේවල් වලට පියතුමන්ලා වශයෙන් අපි විරෝධතාවය ප්‍රකාශ කරන්නේ ඉදිරියටවත් මේ වගේ දේවල් නොකර සිටීම සඳහා ප්‍රකාශ කිරීමට  පොලිස් නිලධාරීන්ට පූර්වාදර්ශයක් වීමටයි,අපි මෙතනට පැමිණිලා පොලිසියටවත් අධිකරණයටවත්  බලපෑමක් කරන්නේ නැහැ,ගරු. මිලාන් පියතුමාට පහරදීම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රකාශ කිරීමටයි මෙතනට පැමිණියේ.

ගරු. සිරිල් ගාමිණී පියතුමා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා පියතුමා හා පොලිස් නිලධාරින් අතර බහින්බස්වීමක් සිදුවීමෙන් පසු පියතුමා මීගමුව රෝහලට ඇතුළත් වූ බව,බහින්බස්වීමක් සිදුවුනොත් කවුරුත් රෝහලට ඇතුල් වෙනවාද, එහෙම වෙන්නේ නැහැනේ,එතුමා ඉස්පිරිතාලයට ඇතුල් වුණේ පියතුමාට පහර දුන් නිසයි,පියතුමාට නොසෑහෙන ලෙස පහරදී තිබෙනවා,නීතියට උඩින් කිසිම පොලිස් නිලධාරියෙකුට කටයුතු කරන්නට බැහැ,එම නිසා මාධ්‍ය ප්‍රකාශකවරයා කියන අදහස අපි පිළිගන්නේ නැහැ,ඔහු එක් පැත්තක් පමණක් අරගෙන කතා කරනවා,ඒක වැරදියි,පොලිසියට ඕනෑ දෙයක් කිරීමේ අයිතිය ක් නැහැ,පියතුමා තමන්ට සිදු වූ පහරදීම ගැන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා,මාධ්‍ය ප්‍රකාශකවරයා එම පැමිණිල්ල නොකියවා වෙන්ඩ ඇති මේ වගේ ප්‍රකාශයක් කරන්නේ,එයට අපේ විරුද්ධත්වය ප්‍රකාශකරනවා,පොලිසියේ
වරදක් නැහැ කියලා මාධ්‍ය ප්‍රකාශකවරයා කියන අදහස අපට පිළිගන්ඩ බැරි බව සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කර සිටියේය.අපි රජයෙන් සහ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව සාධාරණව කටයුතු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස.

රේමන් අපෝන්සු මීගමුව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article