spot_img
Saturday, March 7, 2026
spot_img

එල් බෝඩ් එකෙන් අහසට යන්න ගිය ත‍්‍රිරෝද රථ රියදුරෙක් !

Must read

කුරුණෑගල – කැප්පිටිගල මාර්ගයේ මඩිතියාව ප‍්‍රදේශයේ පිහිටි වංගු සහිත ස්ථානයකදී යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කළ ත‍්‍රිරෝද රියක් එම යතුරු පැදියේම ගැටී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පසුව දිස් වූයේ මෙලෙසිණි.

ඊයේ (30 දා ) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් ත‍්‍රිරෝද රථයෙහි ගමන් කරමින් සිටි කිසිවෙකුටත් තුවාල සිදු නොවූ නමුත් යතුරු පැදියෙහි ගමන් කරමින් සිටි තරුණියක තුවාල ලැබුවාය.

ත‍්‍රිරෝද රථය පදවා ඇත්තේ රියදුරු පුහුණුව ලැබීම සදහා තාවකාලික රිය පුහුණු බලපත‍්‍රයක් ලැබූ අයෙකු විසින් බව අනතුර පිළිබද පරීක්ෂණ පවත්වන රිදීගම පොලිසිය කියයි.

ඡායාරූප අනුග්‍රහය

දුලංජ ප්‍රියනාත් rideegama _threeweel rideegama _threeweel_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article