spot_img
Friday, March 6, 2026
spot_img

කුණාටුවට ගැලවුන, කරවල වාඩියේ වහලට තාම වන්දියක් ලැබුනේ නෑ

Must read

2025 දෙසැම්බර් මාසයේ අවසානයේදී සිදුවූ දිට්වා කුණාටුවෙන් වෙන්නප්පුව මුහුදුතීරයේ ජීවත්වන ධිවරයින්ටද විවිධ අලාභ හානි සිදුවිය. ඒ අතර සිදුවූ සමහර හානි වලට එවාට නිශ්චිත මිළක් නියම කළ නොහැකි බව ධිවරයින් පවසයි.
නමුත් සමහර හානි වලට රජයට ධිවරයින්ට උපකාර කළ හැකිබවත් වෙන්නප්පුව ප්‍රදේශයේ දි ධිවරයින් හමුවූ අවස්ථාවේදි ඔවුන් පවසන ලදී.
වෙන්නප්පුව – බටහිර කොලින්ජාඩිය වෙරළේ ඇති කරවල වාඩියක වහලය දිට්වා කුණාටුවෙන් විනාශවී ඇති අතර මේ වනතෙක් ඒ වෙනුවෙන් රජයෙන් වන්දියක් නොලැබුන බව ඒ ප්‍රදේශයේ කරවල නිෂ්පාදන⁣යේ යෙදෙන ධිවරයින් පවසති. බටහිර කොලින්ජාඩියේ වෙරළ තීරයේ කරවල නිශ්පාදනයේ යෙදෙන පවුල් වල සාමාජිකයින්ට තමන්ගේ කරවල වේලිමේදී ,අත්‍යඅවශ්‍ය වන ස්ථානයක් වන මෙම කරවල වාඩිය දැනට මාස දෙකක් වහලක් නොමැති හෙයින් වසා දමා ඇති අතර ධීවරයින්ට සිය රැකියාවට එය මහත් පාඩුවක් බව ඔවුන් පෙන්වා දෙති

.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article