spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගලින් ඇල්ලූ ලොකුම මත්කුඩු තොගය මල්ලවපිටියේදී මාට්ටු වෙයි !

Must read

කුරුණෑගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශවලට මත්කුඩු අලෙවිකිරීමේ යෙදී සිටි බව කියන ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු මත්කුඩු තොගයක්ද සමග කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මල්ලවපිටිය ප‍්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මිලිග‍්‍රෑම් 6450 ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මෙම මත්කුඩු තොගය කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් එක්වරකදී අත්අඩංගුවට ගෙන ඇති වැඩිම මත්කුඩු තොගය වන බවද පොලිසිය කියයි. ගලගෙදර ප‍්‍රදේශයේ පදංචිකරුවෙකු වන මෙම පුද්ගලයා සතුව තිබූ මත්කුඩු තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි බවද පොලිසිය කියයි.

සැකකරු විසින් කුරුණෑගල, පුත්තලම් පාරේ පිහිටි ප‍්‍රසිද්ධ මිශ‍්‍ර පාසැලක් ඉදිරිපිට පළතුරු වෙළදසැලක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර මොහු විසින් පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති දැයි පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

kudu_mallawapitiya1 kudu_mallawapitiya3 kudu_mallawapitiya2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article