spot_img
Saturday, March 7, 2026
spot_img

කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයට සහ කුලියාපිටියට තවදුරටත් ඇඳිරි නීතිය …

Must read

curfew-STFකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් මේවනවිට ක්‍රියාත්මක වන බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයත් සමඟ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබූ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික කොරෝනා පාලන මූලස්ථානය මාධ්‍ය මඟින් ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් වන ලිඛිත ප්‍රකාශයක් නිකුත් නොවීම හේතුවෙන් ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවූ බව වාර්තා විය. නමුත් අවදානම පවතින ගිරිඋල්ල සහ පන්නල ගම්මාන කීපයක් පමණක් හුදෙකලා කර තිබේ.

ඊයේ 07) වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 කි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article