කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර මහතා බොරැල්ල , කැම්බල් පිටියේදී දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට සහභාගි වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් දැන් අප වෙබ් අඩවිය වෙත ලැබී තිබේ.
කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඒ. ඩී. පේ‍්‍රමදාස මහත්වරුන්ට මැදිව අසුන්ගෙන සිටින සම්පත් කැටවලගෙදර මහතාගේ ඡායාරූප නලින් බණ්ඩාර මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අන්තර්ජාලය වෙත මුදා හැර තිබේ.










