spot_img
Saturday, March 7, 2026
spot_img

කොරෝනා අසාධිතවූ හලාවත රෝහලේ වෛද්‍යවරියක් ප්‍රතිකාර සදහා බිංගිරියට

Must read

chilaw hosspital(2)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සේවය සදහා අනුයුක්ත කර සිටි තරුණ වෛද්‍ය වරියක සදහා සිදු කළ පි.සී.ආර්.පරික්ෂනයක දි ඇයට කෝවිඩ් 10 රෝගය වැළදි ඇති බව හෙළිවිම නිසා ඇය බිංගිරිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිම පිණිස ඇතුළත් කර ඇති බව හලාවත රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය. යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 36 වන වියේ පසුවන මෙම තරුණ වෛද්‍ය වරිය මෙතෙක් විවාහවි නොමැති අතර ඇය මෙයට මාස තුනකට පමණ කලින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ තාවකාලික සේවය සදහා අනුයුක්ත කර ඇති බවත් පසුගිය දිනක ඇය සිය දිවයිනේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක හා මිතුරන් පිරිසක් සමග විනෝද ගමනක් යාම සදහා කොළඹ දී පෞද්ගලිකව පි.සී.ආර්. පරික්ෂණයක් කර ගත් බවත් එම පරික්ෂණය ලද පසු ඇය කොරෝනා රෝගයට ගොදුරුවි ඇති බව අනාවරණය විම නිසා වහාම බිංගිරිය විද්‍යාපිඨයෙහි පවත්වා ගෙන යන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ප්‍රතිකාර පිණිස යොමු කර ඇති බවත් එම ප්‍රකාශකයා සදහන් කළේය.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article