spot_img
Friday, March 6, 2026
spot_img

ගල් අඟුරු වාර්තාව : කෝටි 848ක පාඩුවක් ! – වහා දඩ අය කරන්නැයි කමිටුවෙන් නියෝග

Must read

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙනා ගල් අඟුරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාර්තාව

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට අද බාර දී ඇත.

මතභේදයට තුඩු දී ඇති ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි  එම වාර්තාවේ දැක්වේ.

එසේම එම ගල් අඟුරුවල අළු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව වාර්තාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කමිටුවේ සභාපති මන්ත්‍රී එස්එම් මරික්කාර් පැවසුවේ, බාල ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැති බවයි.

මේ අනුව එම දඩ මුදල වහා අය කර ගන්නැයි කමිටුව නිර්දේශ කළ බවද ඔහු සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසම මෙම වාර්තාව බාර දුන්නේ එම පාර්ලිමේන්තු කාරක සභාවේ ඉල්ලීමක් අනුවය.

වාර්තාව කාරක සභාව හමුවේ ඊයේ පුළුල්ව සාකච්ඡා කෙරිණ.

ලක් විජය බලාගාරයට ගෙනා ගල් අඟුරු තත්ත්වයෙන් බාල බව ආණ්ඩුවද පසුගියදා පිළිගත්තේය.

(lankalokaya | අසේල පෙරේරා)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article