ගිං ඔයේ මසුන් මියගිය පුවතක් ඔක්තෝබර් 31 වනදා පුරවැසියෙකු විසින් මුහුුණු පොතේ වාර්තා කර තිබුණි.
මේ ආකාරයට දින දෙකක් පමණ ගිං ඔයේ කුඩා මත්ස්‍ය වර්ග මියගොස් තිබුණ බව වාර්තා විය.. මෙසේ මසුන් ගිං ඔයේ ජලය විස වීමෙන් බව මතුපිටින් පෙනෙන කාරණයකි.
මෙලෙස මාලුන් මිය ගිය දිනයට ආසන්නම දින කීපයක් අධික ලෙස වර්ෂාව පැවති අතර ඔයේ ජල මට්ටමද ඉහළට ගොස් තිබුණි. ප්‍රදේශවාසියෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ගංවතුර අධික වන විට ගිං ඔයේ ජලය වේගයෙන් මුහුදට ගලා බසින බවත්, ගං පතුලේ තිබෙන ජල ධාරාවන් කැළඹි උඩට ඇදීවිත් මතුපිට ජලය සමඟ මිශ්‍ර වන බවයි. එලෙස මිශ්‍රවන ජලයේ යම් විස වායු මෙන්ම අම්ලකර විස මතුපිට ජලයට එකතු වි මෙලෙස මත්ස්‍යින්ට හුස්ම ගැනීමට අපහසු වන ආකාරයේ පරිසරයක් ජලයේ නිර්මාණය වන බවයි.
පසුගිය 31 වනදා සිදුවූ සිදුවීමට මෙසේ ගිං ඔයේ තැන්පත් වූ විසක් එකතු වුවාද , නැතිනම් ආසන්න දිනවල එක් කළ විස ද්‍රව්‍යයක් බලපෑවාද යන්න සොයාබැලීම ආයතනගත වගකීමක් වන අතර ඒ සදහා යම් කාලයක් ගතවනු ඇත. කෙසේ නමුත් මේ ආකාරයට ගිං ඔයේ ජලය අපවිත්‍ර වන ප්‍රධාන හේතුවක් වන්නේ ගිං ඔය අවට ඇති නිවාස ,හෝටල් හා ව්‍යාපාර ස්ථාන වලට ගිං ඔයට නිකුත් කරන අප ජලය බව සාමාන්‍යෙයන් පෙනී යන කරුණකි.
මේ වනවිට බොහෝ ස්ථාන වලින් ගිං ඔයට අපද්‍රව්‍ය විදිමත් ලෙසත් අවිධිමත් ලෙසත් බැහැර කරයි. වර්ෂා කාලයේදි මේ බැහැර වීම් අධික ලෙස සිදුවන අතර ඔයට වඩා බිම් මට්ටමින් උස් ස්ථාන වලින්ද ඔයට අපද්‍රව්‍ය එකතු විය හැක. මෙලෙස ගිං ඔය ට අපජලය එක්කරන ව්‍යාපාර අතර ප්‍රධාන ව්‍යාපාාරයක් වන්නේ වෙන්නප්පුව නගරයේ පවත්වාගෙන වන ප්‍රසිද්ධ මස් නිෂ්පාදන කරන ව්‍යාපාරයක් බවද ගිං ඔය ආශ්‍රිතව ජිවත්වන ප්‍රදේශවාසියෙක් අප හා පවසන ලදී.
මෙම ස්ථානයෙන් පිටවන අපජලය සෘජුවම බට මඟින් ගිං ඔයේ අතුගංගාවකට හරවා ඇති අතර මෙම ක්‍රියාව නැවැත්වීමට තවමත් කිසිඳු ආයතනයකට හැකිවී නොමැති බවද ප්‍රදේශවාසින් පවසති.








