පසුගියදා පැමිණි මහා ගංවතුර තෝප්පුතෙට ,කම්මල්තොට, සින්ද්රදාත්රිය ප්‍රෙද්ශ වලට මහා විනාශයක් අත්කර දෙමින් අවසන් විය. මීට දශක ගණනාවකට පෙර පැමිණි ගංවතුර අවස්ථා එකකදිවත් මේ ආකාරයට ගම්බිම් දෙගොඩතලා ගොස් නැතිබව පැරැන්නෝ පවසති. මේ වනවිට මුළු රටටම විපතක් ගෙන ආ මේ සුළි කුණාටු සහ නායයෑම් වලට හේතු ලෙස අස්වාභාවික ගොඩකිරීම් සහ නීති විරෝධී ඉදිකිරීම් සම්බන්ධව යම් සංවාදයක් ඇතිව තිබේ. කම්මල්තුරේ මෝය හා සම්බන්ධ වන අස්වභාවික ක්‍රියාවලියක් වසර ගණනාවක් පුරා සිදුව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වේ. කම්මල්තොටින් ගලා බසින මෝය (කම්මල්තුරේ මෝය ) 2001 වසර වනතෙක් ගලා බැස ඇත්තේ දැන් අපට දකින්නට ඇති ස්ථානයෙන් නොව , දැන් ගලාබසින ස්තානයේ සිට දකුණු පසට හැරී ගිං ඔයත් සමග මුසුවය. ගිං ඔය අවසානවී මෙම ස්ථානයෙන් දකුණට හැරී , මා ඔය සමග සම්බන්ධවි මුහුදට ගලාගොස් ඇත. ස්වභාවිකව වැලි පිරෙන කාලයට බලධාරීන් විසින් එම වැලි ඉවත්කරදීම කලින් කලට සිදුකරනු ලැබේ. නමුත් 2001 වසරෙන් පසු මෙම ස්ථානයේ වැලි කැපීමක් සිදුකර නොමැති අතර ගිං ඔය – මා ඔයට සම්බන්ධ වන රේඛාව මේ වනවිට පොල් ගස් සිටුවා එමෙන්ම තවත් ඉදිකිරීම් සිදුකර පුරවා තිබේ. අවසන් වතාවට මෙම ස්ථානයෙන් ගිංඔය ගලායාම සදහා වැලි කපා ඉවත්කර දි ඇත්තේ හිටපු වෙන්න්ප්පුව ප්‍රා.සභාපතිවරයෙකුවූ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසිනි. ඔහු විසින් එක් වරක් පමනක් මෙම ස්ථනයේ වැලිකපා දී ගං ඔය හා මා ඔය යා වෙන්නට සැලැස්වු බවත් ඉන්පසු ඔහුද මෙම ස්ථානයේ වැලි ඉවත්කරදීමෙන් වැලිකී සිටි බව ප්‍රෙද්ශවාසීන් පවසති. ඉන්පසු පැමිණි කිසිදු රජයක් හෝ නිලධරියෙකු මෙම ස්ථානයේ ස්වභාවික මෝය කට සකස් නොකළ බව වාර්තා වේ. ඒ වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අදටත් මෙලෙස වසා දමා ඇති ගිං ඔය මා ඔයට සම්බන්ධ වන ස්ථානය සක්‍රීය කිරීමට කිසිදු දේශපාලන අධිකාරියක් හෝ රාජ්‍ය නිලධාරියෙකු මැදිහත්වී නොමැත.
මේ වනවිට ගිං ඔය මෝය දෙසට ඒම වැලැක්විමට පස්,බොරළු දමා ,පොල් ගස් සිටුවා නවතා ඇති අතර, එය ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලාල් පෙරේරා වෙන්නප්පුව ප්‍රා.සභාවේ සභාපතිධූරය දරන කාලයේදීය. මෙය ස්වභාවික මෝයේ ක්‍රියාකාරීත්වයට එරෙහිව සිදුකර ඇති මහා පාරසරික විනාශයකි. මෙම ස්ථානය නැවත යථා පරදි ස්වභාවිකව තිබූ තත්ත්වයට පත්කිරීම කෙතරම් දුෂ්කර වුවද එය ස්වභාධර්මය විසින් අපිට දී ඇති අභියෝගයකි.

,









