ගොඩනගමු ශ්‍රී ලංකා ” පුත්තලම නිදහස් නිදහස් දින සැමරුම් උළෙල පුත්තලම කොළඹ මුවදොර කරලපු තීරයේදී අද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්වීය.
මෙය අභිමානයෙන් සමරනු පිණිස පුත්තලම ඇන්ඩෘ විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම සහ ආනන්ද විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායම පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා ඇතුළු ආරාධිත අමුත්තන් ගෞරවයෙන් පිළිගන්නා ලදී.
එමෙන්ම පුත්තලම ඇන්ඩෘ විද්‍යාලයේ දරුවන් ජාතික ගීතය ගායනය සහ පුත්තලම ආනන්ද විද්‍යාලයේ දරුවන්ගේ ආශිර්වාද ගාථාගායනයෙන් ගොඩනඟමු ශ්‍රී ලංකා පුත්තලම දිස්ත්‍රික් නිදහස් උළෙල ආරම්භය සටහන් කළේය.
තවද කරුවලගස්වැව සංස්කෘතික මධ්‍යස්ථානයේ පූජා නර්තනය, හින්දු විද්‍යාලයේ දැරියන් ඉදිරිපත් කළ නර්තනය,පුත්තලම සංස්කෘතික මධ්‍යස්ථානයේ නව නිර්මාණ නර්තනය, පල්ලම සංස්කෘතික මධ්‍යස්ථානයේ නව නිර්මාණ නර්තනය සහ ආනමඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේ වෙස් නර්තනයෙන්, මෙවර නිදහස් දින සැමරුම් උළෙල වර්ණවත් වන ලදී.
එමෙන්ම මෙම අවස්ථාවේදී දමිළ මාධ්‍ය සුභාශිoසනය පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆායිසාල් මහතා ඉදිරිපත් කළ අතර, සිංහල මාධ්‍යයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති /පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා විසින් සුභ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාවට ගරුතර ස්වාමීන් වහන්සේලා සහ පූජ්යපක්ෂය,පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, පුද්ගලම දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන )පුබුදිකා එස් බණ්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චතුරික ජයසිංහ මහතා,ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, සිවිල් ආරක්ෂක අංශ,රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන,පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම්, බාල දක්ෂ කණ්ඩායම්, පාසල් දරුවන් හා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.
ජුඩ් සමන්ත














