spot_img
Saturday, March 7, 2026
spot_img

තනපට අස්සේ දාගෙන මත්කුඩු විකුණූ 60 ආච්චි මාට්ටු.

Must read

තනපට අස්සේ සගවාගෙන මත්කුඩු අලෙවි කිරීමේ යෙදුණු බව කියන 60 හැවිරිදි කාන්තාවක් මිලි ග්‍රෑම් 200ක හෙරොයින් තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව, කරදගහපිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ගොකරැල්ල පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වියපත් කාන්තාව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී පොලිතින් උරවල බහා සූක්ෂම අයුරින් ඇගේ තනපට අස්සේ සගවාගෙන සිටි හෙරොයින් පැකැට් පනහක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකාර කාන්තාව විසින් මෙම උපක්‍රමය යොදාගනිමින් අයුරින් ඉබ්බාගමුව, ගොකරැල්ල ආදි නගරවලට වසර ගණනාවක් තිස්සේ මත්කුඩු බෙදා හැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ උපදෙස් මත, දුෂණ මර්දණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක තිලිණ ගුණසිංහ, පොලිස් සැරයන් අරුණ (24216) , වීරසිංහ (16658 ) පොලිස් කොස්තාපල් රත්නායක (58734) සහ කාන්තා කොස්තාපල් කාන්ති (5706) යන නිලධාරිහු විසින් මෙම වැටලීම සිදු කර සැකකාරිය අත්අඩංගුවට ගත්හ.

මැල්සිරිපුර මොහොමඩ් බුහාර්ඩීන්

kudu_acchi

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article