
අද සවස 5.00ට (05 ) පමණ හලාවත පුත්තලම ප්‍රධාන මහා මාර්ගයට ආසන්නව දැදුරුඔයේ පාලම අසල දියනාමින් සිටියදී පුද්ගලයින් 5 දෙනෙකු දියේ ගිලී ඇත. මෙසේ දියේ ගිලුන තරුණයින් සමග තවත් පිරිසක් කිරිබත්ගොඩ ප්‍රෙද්ශයේ සිට පැමිණ ඇති බව වාර්තා වේ. දියේ ගිලුන තවත් තරුණයින් 05 දෙනෙකුගෙන් එක් අයෙකු ගොඩට ගෙන හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. අනෙක් 04 දෙනා දියේ ගිලී මියගොස් ඇති අතර ඔවුනගේ මළසිරුරු ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මේ වන විටදී සොයාගෙන ඇත.
ඡායාරූප – ජුඩ් සමන්ත







