spot_img
Friday, March 6, 2026
spot_img

‘ දිට්වා නිසා නැවතුන කෝච්චිය ආයෙත් පුත්තලමෙන් -කොළඹට’

Must read

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ – පුත්තලම දුම්රිය ගමන් සේවා 16 වැනිදා අළුයම සිට නැවත ආරම්භ විය.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයට වලහාපිටිය, කුඩාවැව, මානුවන්ගම,බත්තුළුඔය සහ තිල්අඩිය යන ප්‍රදේශ වලදී හානි සිදුවී තිබුණි.

දිට්වා සුළි කුණාටුවෙන් පසුව මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය දක්වා වරින් වර දීර්ඝ කරණ ලද දුම්රිය ගමන් ඉකුත් දෙසැම්බර් මස 29 වැනිදා හලාවත දක්වා දීර්ඝ කරණ ලදි.

නමුත් හලාවත – පුත්තලම අතර දුම්රිය සේවා 16 වැනිදා දක්වා ක්‍රියාත්මක නොවීය.

16 වැනිදා අළුයම 4.30 ට පුත්තලම සිට කොළඹ කොටුව දක්වා කාර්යාලීය දුම්රිය ධාවනය වීමට නියමිතව තිබුණි. දිට්වා සුළි කුණාටුවෙන් අනතුර මෙතෙක් කාලයක් එම දුම්රිය පුත්තලම දුම්රිය ස්ථානයේ ගාල් කර තිබුණි. නමුත් කාර්මික දෝෂයක් හේතුවෙන් එම දුම්රිය 16 වැනිදා පෙරවරුවේ මගීන් නොමැතිව පුත්තලමේ සිට කොළඹ දක්වා ගමන් කළේය.

අළුයම 4.00 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ කාර්යාලීය දුම්රිය දිට්ටා වෙන් පසුව පුත්තලම දක්වා ධාවනය වූ පළමු දුම්රිය ලෙස සේවයට එක් කර තිබුණි.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article