මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්ගේ තිරසාර ආර්ථික අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් අතවශ්‍ය, අවධානම අවම කරගැනීමේ හැකියාව, ප්‍රකෘතිමත්වීමට ඇති හැකියාව මෙන්ම මූල්‍යමය සාක්ෂරතාවය ලබාදීම වැනි වැදගත් කාරණා රැසක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ දූත පිරිස සමඟ සාකච්ඡාවක් පසුගිය 19 වනදා සිදුවිය.
ඒ මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) ධූත පිරිස පසුගියදා (19) දින ඊට අදාළ රජයේ පාර්ශවකරුවන් හමුවූ අවස්ථාවේදී ය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් වශයෙන් විශේෂ තාක්ෂණික දූත පිරිසක් පෙබරවාරි 16 සිට 20 දක්වා මෙරට සංචාරයකට එක්විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතටපත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යාපාර වෙනුවෙන් තිරසාර සහ මූල්‍යමය වශයෙන් වගකිවයුතු මූල්‍ය යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට සහාය වීමට ඔවුන් එකඟ විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා ජාතික ණය සුරැකුම් ආයතනය (NCGIL) නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී විය.







