spot_img
Saturday, March 7, 2026
spot_img

දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Must read

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය අද පෙ.ව 11.30 සිට ප.ව 4.00 දක්වා විවාදයට ගැනීම සිදුවිය. අනතුරුව ප.ව 4.10 ට පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) මුළුමන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් එනම් මන්ත්‍රීවරයන් 177ක් පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඒ අනුව අදාළ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය. මෙහිදී යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොවූ අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිතයෙන් වැළකී සිටියේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් ඇතුළත් ඉල්ලීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා වෙත පසුගිය මාර්තු මස භාරදෙන ලද අතර අනතුරුව එම පරීක්ෂණ කමිටුව පත් කිරීම සඳහා වූ යෝජනාව 2025 අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

පසුව පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට අදාළ පරීක්ෂණ කමිටුව පත් කිරීම සිදු විය. එම පරීක්ෂණ කමිටුව එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විත විය.

පසුව පරීක්ෂණ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී උක්ත පනතේ විධිවිධාන ප්‍රකාරව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙසේ එම පරීක්ෂණ කමිටුවේ අවසන් වාර්තාව පසුගිය ජූලි 21 දින කථානායකවරයාට භාරදීම සිදු විය. අනතුරුව එම වාර්තාව ගරු කථානායකවරයා විසින් ජූලි 22 දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

පරීක්ෂණ කමිටුවේ වාර්තාවට අනුව පොලිස්පතිවරයාට එරෙහිව නගන ලද මුළු චෝදනා 23 අතරින් චෝදනා අංක 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 13, 14, 15, 16, 17, 18, 19, 22 සහ 23 සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වරදකරු බව තීරණය කර තිබුණි.

news.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article