spot_img
Wednesday, March 11, 2026
spot_img

දේශීය වෙළද පළ තුළ fපාර්ම් ඔයිල් ඇතුළු ආනයනික තෙල් වල දැඩි හිගයක්

Must read

දේශීය වෙළද පළ තුළ fපාර්ම් ඔයිල් ඇතුළු ආනයනික තෙල් වල දැඩි හිගයක් පවතින බව බේකරි සහ කෙටි ආහාර නිෂ්පාදකයින් සදහන් කරයි.

fපාම් ඔයිල් ඇතුළු ආනයනික තෙල් වර්ග මෙරටට ගෙන්වනු ලබන්නේ ප්‍රධාන පෙළේ ආයතන 04 ක් විසිනි.

පවතින හිගය මුල් කර ගෙන වෙළද පළේ fපාම් ඔයිල් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 100 ක පමණ මුදලකින් ඉහළ දැමීමටද ව්‍යාපාරීකයින් කටයුතු කර ඇති බව බේකරි සහ කෙටි ආහාර නිෂ්පාදකයින් සදහන් කරයි.

ආනයනික තෙල් හිගවීමත් සමගම දේශීය වෙළද පළ තුළ පොල් තෙල් මිලද  කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 100 පමණ මුදලකින් ඉහළ ගොස් ඇත. ආනයනික තෙල් සහ පොල් තෙල් මිල ඉහළ ගොස් ඇතත් වෙළද පල තුළ මාළු පොල් මිල තවමත් ඇත්තේ පහත අගයකය. පොල් ගෙඩියක තොග මිල රුපියල් 90 ක් පමණ වන අතර, තවමත් සිල්ලර මිල පවතින්නේ රුපියල් 120 ක අගයක් මත බවද ව්‍යාපාරිකයින් සදහන් කරයි. නමුත් පවතින තත්ත්වය අනුව ඉදිරි දින කීපය තුළ පොල් මිලද ඉහල යා හැකි බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.

ඉදිරි උත්සව සමය ඉලක්ක කර ගෙන ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් විසින් ආනයනික තෙල් හිගයක් ඇති කර තිබේදැයි සැකයක් ඇති බවද ව්‍යාපාරිකයින් සදහන් කරයි.

කෙසේ වෙතත් ගෑස් මිල සහ ආනයනික තෙල් මිල ඉහළ යාම නිසා තම නිෂ්පාදන වල මිලද ඉදිරි දින කීපය තුළ ඉහළ දැමීමට සිදුවිය හැකි බව බේකරි සහ කෙටි ආහාර නිෂ්පාදකයින් සදහන් කරයි. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article