spot_img
Friday, March 6, 2026
spot_img

නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත සමාලෝචනය කරයි

Must read

 UNICEF ආයතනයේ නියෝජිතයින් සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (දෙසැම්බර් 10)  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

 මෙහිදී නව ඩිජිටල්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත පිලිබඳ පළමු සමාලෝචනය සිදු කළ අතර දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ සමපාත වන ලෙස නව ඩිජිටල් ප්‍රතිපත්තිය සැකසිය යුතු බව විශේෂයෙන් අවධාරණය කෙරිණි.

අධ්‍යාපන ප්‍රතිංස්කරණ තුළ ඇති විෂය මාලා ප්‍රතිසංස්කරණය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු  මූලික කුළුණු පහටම සහාය වන පරිදි ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් විය යුතු බව මෙහිදී  අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

වත්මන් කෙටුම්පත ප්‍රධාන වශයෙන් විෂය මාලාව ආශ්‍රිත කරුණු කෙරෙහි කේන්ද්‍රගත වී ඇති බවත්,  සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහිම බලපාන පරිදි ඩිජිටල් ප්‍රතිපත්තිය සකස් විය යුතු බවත් එහිදී අවධාරණය කෙරිණ.

  ඩිජිටල් සාක්ෂරතාවය, NEMIS සහ ඩිජිටල් යටිතල පහසුකම් ලබා දීම, ඩිජිටල්කරණයේ පවතින පරතරය අවම කිරීමේ වැදගත්කම  කෙරෙහිද  පුළුල් ලෙස සාකච්ඡා විය.

ගුරු පුහුණු ක්‍රමවේදයේ පවතින අඩුපාඩු කෙරෙහි ද අවධානය යොමු කළ අතර, කඩදාසි භාවිතය අවම  කිරීමේ අවශ්‍යතාවය ද  අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

UNICEF ආයතනයේ නියෝජිත  Dr.Emma Brigham, Deborah Wyburn,  අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් ඒ.බී.එම්. අශ්රෆ්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article