වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ කාන්තා එල්ලේ තරගාවලියට නිදහස් දින කිබුල්ගාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරගාවලියට ආරාධිතයන් ලෙස වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති ඇන්ටන් කුමාර මහතා,වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් එම්.එම්.නදීජා හේරත් මහත්මිය, ඇතුළු රාජ්‍් නිලධාරින් පිරිසක් ද වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති තිළිණ හෙට්ටිආරච්චි මහතා සහ හිටපු සිංහාධිපති සිංහ රජිත රොඩ්රිගෝ මහතා ද සහභාගී වුහ.
එම එල්ලේ තරගාවලියට සම්පූර්ණ අනුග්‍රහය දැක්වුයේ ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 D3 සිංහ සමාජ තුනක් වන කටුනේරිය බ්ලූම්ස් , වෙන්නප්පුව ගෝල්ඩන් වොයිස් , දුම්මළදෙනිය ගෝල්ඩ්න් වොයිස් යන සිංහ සමාජ.












