spot_img
Friday, March 6, 2026
spot_img

ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට දින තුනකට පෙර හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා

Must read

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා යාත්‍රා කරමින් තිබියදී වෙන්නප්පුව – ලුණුවිල පාලම අසලදී හදිසියේ ගොඩබස්වන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත් විය.

ඔහු සම්බන්ධයෙන් අතිශය සංවේදී කරුණක් වාර්තා විය. ඒ, ඔහු අනිද්දා (දෙසැ: 03) පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවයේදී සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි අයෙකු වීම ය.

ශාස්ත්‍රපති උපාධිය

වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය අවසන් කර සිටි අයෙකි.

එහි උපාධි ප්‍රදානෝත්සවය අනිද්දාට යෙදී තිබෙන අතර, එහිදී වසර දෙකක් තිස්සේ හැදෑරූ ශාස්ත්‍රපති උපාධි ලෝගුව පැළඳීමේ අපේක්ෂාවෙන් පසුවිය.

ඔහුගේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ආචාර්යවරියක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

“මාස්ටර් ඔෆ් ආට්ස් (ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්) කියල අපේ අවුරුදු දෙකක පශ්චාත් උපාධියක් තියෙනවා. ඒකෙ 23/24 බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් තමයි නිර්මාල්. එයා තමන්ගෙ රැකියාවත් කරන අතරේ සියලු නිබන්ධන වෙලාවට අවසන් කරල හොඳින් වැඩ කරපු කෙනෙක්. එයාගෙ අමාරු වර්ක් ෂෙඩියුල් එක ඇතුළෙ පවා එයා හැම දා ම දේශනවලට ආපු කැපවීමෙන් වැඩ කරපු කෙනෙක්. ඇත්තට ම එයාගෙ කොන්වොකේෂන් එක තියන්න තිබුණෙ හෙට යි අනිද්ද යි. ඒ ගැන හරි ම කනගාටු යි.”

මේ අතර, ශාස්ත්‍රපති පාඨමාලාවේ සම්බන්ධීකාරක ආචාර්ය චමින්ද පද්මකුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, නිර්මාල් සියඹලාපිටිය අතිශය සුහදශීලීව වසර දෙකක කාලයක් තමන් සමග කටයුතු කළ බව ය.

උපුටා ගැනීම – www.bbc.com/sinhala

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article