spot_img
Friday, March 20, 2026
spot_img

නීතිවිරෝධි ඉන්ධන තොග වටලයි

Must read

නීති­වි­රෝධි ලෙස ඉන්ධන තොග රැස්කර තබා ගන්නා පුද්ග­ල­යන් සෙවීමට බුද්ධි අංශ­වල සහය ඇතිව පොලී­සිය මෙහෙ­යුම් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව දිව­යිනේ ප්‍රදේශ රැස­කින් පෙරේදා (18) දින ඉන්ධන තොග සඟ­වා­ගෙන සිටි පුද්ග­ල­යන් 05 දෙනෙකු ඩීසල් ලීටර් 4,742ක් හා පෙට්‍රල් 874ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ උප­දෙස් මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

බස්නා­හිර, නැඟෙ­න­හිර, උතුරු මැද සහ ඌව පළාත් කේන්ද්‍ර කර­ග­නි­මින් සිදු කළ වැට­ලී­ම්ව­ලදී මෙම ඉන්ධන තොග සොයා­ගෙන ඇත. මීග­මුව පොලිස් වසමේ කටුව ප්‍රදේ­ශයේ පිහිටි පෞද්ග­ලික බස් රථ හිමි­ක­රු­ව­කුට අයත් ආය­ත­න­යක් තුළ සිදු කළ වැට­ලී­ම­කදී, ඩීසල් ලීටර් 3,532ක් අඩංගු බවු­සර් රථ­යක් සමඟ එක් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article